රෝහලකට ප්‍රතිකාර ගන්න යනකොටම මල් ශාලාවට පණිවිඩයක් දීලා යන්න…

 



සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දුර්වලතාවයෙන් ජීවිත ගනනාවක් බිලිගෙන බැවින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාවට ආදරය කරන මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 221 දෙනාගෙම සහයෝගය ලබා දිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා පවසයි .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ නුවරඑළියේ දී පැවති මාධ්‍ය හමුවේදී දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුර අදහස් දැක්වූ වේලුකුමාර් මන්ත්‍රිවරයා මෙසේද කීය.

රට තුල උග්‍ර සෞඛ්‍ය ගැටලු රාශියක් මතුවෙලා තියෙන්නේ මූලිකම හේතුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දුර්වලතාවය නිසා රෝහලකට ප්‍රතිකාර ලබන්න යනකොටම මල් ශාලාවට පණිවිඩයක් දීලා යන්න වෙන තත්වයක් උදා වෙලා තියෙන්නේ.

ඇති වූ කිසිම සංකූලතා තත්වයකට අද වෙනකම් පිළිතුරු නැහැ මේකට වගකිව යුත්තේ කවුරුන් ද කියලා කාටවත්ම දන්නේ නැහැ.

අපි මේ හැම දේකටම පිළිතුරු හොයන්න සහ දරන්න ඕන ඒ වෙනුවෙන් කැපවීම් කරන්න ඕන ඒවා ඔක්කොම අමතක කරලා අපිට බැහැ රට වටේ ඇවිද ඇවිද ක්‍රිකට් ගගා ජොලි කරලා විනෝද වෙන්න.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් නොවිය යුතුයි.

මන්දයත් මේක රටේම තියෙන ප්‍රශ්නයක් හැම ඇමැතිවරයෙක් ම නියෝජනය කරන්නේ මහජනතාව නිසා මහජනතාවට මුහුණ දීමට සිදු වෙලා තියෙන මේ බරපතළ ගැටළුවට විසඳුම් සොයන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි.

එසේ නොකර පක්ෂ පාට වලට බෙදී වැරදි කරන අයවලුන් බේරාගැනීමට උත්සාහ කරනවා නම් එය නිසැකවම නින්දිත වැඩක් යනුවෙන් හෙතෙම පැවසීය.

Post a Comment

0 Comments