කොළඹ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ දිනයේ සිට විසන්ධි කර තිබේ.
මාස හතරක් තිස්සේ එහි විදුලි ගාස්තු නොගෙවීම නිසා මෙසේ විදුලිය විසන්ධි කර ඇත.
ඉකුත් මාර්තු මස 19 වැනි දා සිට විදුලි බිල නොගෙවීම නිසා රුපියල් ලක්ෂ හය ඉක්මවූ විදුලි බිලක් මණ්ඩලයට ගෙවීමට නියමිතව ඇත.
ඒ අනුව ඊයේ පෙරවරුවේ සිට නගරාධිපති නිවසේ විදුලි බල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කර තිබේ.
රට පුරා සියළු පලාත් පාලන ආයතන විසුරුවා හැරීමත් සමග කොළඹ නගරාධිපති ධුරයද අහෝසි වී ඇතත් තවදුරටත් රෝසි සේනානායක මහත්මිය නගරාධිපති නිල නිවසේ රැඳී සිටියි.
ඒ හේතුවෙන් එම නිවසේ විදුලි බිල ඇය විසින් පුද්ගලිකව විදුලි ගාස්තු ගෙවිය යුතුව ඇතැයිද වාර්තා වෙයි.
0 Comments