සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ කිසිදු කැමැත්තක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
ඔහු ජනාධිපති ධුරයට කිසිසේත්ම සුදුසු පුද්ගලයෙකු නොවන බවද දෙමළ ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පැවසීය.
13 වන ව්‍යවස්ථා සංශෝධය සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා මෙතෙක් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැති බවද පැවසූ ඔහු දෙමළ ප්‍රශ්නය නොවිසඳා රට සංවර්ධනය කළ හැකි බව කිසිවෙකු ප්‍රකාශ කරන්නම් එය මිථ්‍යාවක් බවද කියා සිටියේය.
ජනාධිපතිවරයා දහතුන්වන සංශෝධනය හා ඊට අයත් බලතල ගැන පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවද කී ඔහු ම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ උනන්දුවෙන් බලා සිටින බවද කියා සිටියේය.
0 Comments