ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් තීන්දු තීරණ නිසා දැඩි කලකිරීමට පත්ව සිටින බව රජයේ රූපවාහිනී නාලිකාවක් අද වාර්තා කළේය.
එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා ඔහු පිල් මාරුවකට සූදානමින් සිටින බවද එම වාර්තාව කියා සිටියේය.
මේ වන විටත් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවද එහිදී තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරක් හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකත්වය ලබාදෙන ලෙසද ඉල්ලා ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.
නමුත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැඩි විරෝධය එල්ල කර ඇති බවද සඳහන්ය.
කෙසේ නමුත් ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කර නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් තුන් දෙනෙකු පත් කිරීමට යෝජනා වී තිබේ.
එම තනතුරු තුනෙන් එකක් දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට සූදානම් වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග උපුටා තවදුරටත් වාර්තා කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසිරි ජයසේකර මහතා අදාළ ප්‍රවෘත්ති වාර්තාව සම්ර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.
ඔහු කියා සිටියේ මේ වන විට විපක්ෂයේ ස්වාධීන වී සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී නැවතත් කවුරුන් හෝ ඊළඟ ජනාධිපතිවරයාට සහාය දීම සඳහා එක්වීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව බවයි.
එවන් කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාවිතා කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔහු කියා සිටියේය.
අදාළ පුවත සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවයෙන් විමසීමේදී එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් එවන ලද්දක් බව පැවසූ බවද මන්ත්‍රීවරයා කීය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ මාධ්‍ය එකේ විසින් මේ ආකාරයේ කුමන්ත්‍රණයක් දියත් වන බවත් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන තිසර ගුණසිංහ ඇතුළු පිරිස මීට වගකිව යුතු බවත් මහ ලේකම්වරයා තව දුරටත් සදහන් කලේය.

0 Comments