ඇමති බන්දුලට ඩිමෙන්ෂියාවද?

 



අද මේ රට පත්වෙලා තිබෙන අවාසනාවන්ත තත්වයට එකතුවන අලුත්ම බලපෑම වන්නේ බුද්ධි ගලනයයි.

    මේ වන විට වෛද්‍යවරු 850 ක්,විශේෂඟ්‍ර වෛද්‍යවරු 274ක්,විශ්ව විද්‍යාල ආචාර්යවරු 600 ක් පමණ විදෙස්ගතවී ඇති බවද, නීතීඟ්‍රවරු,ගණකාධිවරු,ගෘහ නිර්මාන ශිල්පීන් වැනි අනෙකුත් වෘත්තීන් වල රට හැර ගිය ගණන ගණනය කිිරීමක්වත් කරනොමැති බවද,ඒ තත්වය තුල මොවුන් රට හැර යන්නේ "අරගලය"නිසා බවට කැබිනට් ප්‍රකාශක බන්දුල ජෝකරයා පවසන බවත්,ආණ්ඩුවේ වැරදි දැක දැකත් ප්‍රසස්ති ගයන ,රට විකුණන්න අත් දෙකම උස්සන  මේ ආචාරියා මේවා පවසන්නේ රෙදි ඇඳගෙනද කියා තමා විමසන බව නීතීඟ්‍ර මනෝජ් නානායක්කාර ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විමසීය.

      තවදුරටත් අදහස් දැක්වූ ඔහු  පැවසුවේ බුද්ධිගලනය සිදුවන්නේ මේ පාලකයන්ගේ අධුරදර්ශී තීරන හා පාලනය නිසා බවත්,මෙම අස්ථාවර කරපු රටේ තම දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නොමැති නිසා ඔවුන් රටහැර යන බවත්,මේ පාලකයන්ට ණය ගැනීමයි රට විකිණීමයි හැර වෙන සැලසුම් නොමැති බවත්,ඇමති බන්දුල යනු අමතකවීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියාව වැළඳුණු අමන දේශපාලනඟ්‍රයෙක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments