මහ බැංකුවේ අවසරයකින් තොරව මහජනතාවගේ මුදල් තැන්පතු ලබාගෙන කෝටි ගණනින් ව්‍යාපාර කළ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් එක් කර තිබේ.
විදේශ ගතවීමට උත්සාහ දැරීමේදී හෝ විදේශගතව සිට පැමිණීමේදී වහා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස ද නියෝග නිකුත් කර ඇත.
කොළඹ 05 කිරුළපන පිහිටා Small and Medium Wealth management ltd නම් පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරුන් තිදෙනකුට මෙම තහනම පනවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ඒකකය විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.


0 Comments