මිහින්තලා විහාරස්ථානයේ විදුලිබිල සම්බන්ධයෙන් සිදු වූයේ නාට්‍ය පිටපතක් රඟදැක්වීම බවත් එය තවත් බුද්ධිමත්ව සිතා බලා ලිව්වේ නම් රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන පවා ලබන්නට හැකියාව තිබූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
එම විහාරස්ථානයේ විදුලි බිල ගෙවීමට යයි පවසමින් ටිකට්පත් විකුණා සොයාගත් මුදලට කුමක් කළේ දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලා පුදබිම වන්දනා කිරීමට පැමිණෙන දායකයන් ඉල්ලීම් කර ඇති බව ද හෙතෙම පැවසීය.
මිහින්තලා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කළ බවට විහාරාධිපති හිමියන් පැවසූ වහාම ඊළඟට සිදුවන්නේ විපක්ෂ නායක නළුවා වහා ඉදිරියට පැන ලයිට් බිල ගෙවා දැමීමේදී ජවනිකාව බවත් බුද්ධිමත් අපේක්ෂකයන්ට එය තේරුම් ගොස් ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන පැමිණි මිහිඳු මාහිමියන් වැඩම කළ මිහින්තලේ නාමය දේශපාලන නාටකවලට යොදා නොගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
0 Comments