ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලේ… සිව්දෙනෙක් රෝහල් ගත කෙරේ..

 



එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

(09) දින පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය හපුගස්තැන්න ප්‍රදේශයේදිය.

මස්කෙලිය සිට නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය මෙසේ අනතුරට පත් වි ඇත.

තුවාලකරුවන් මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත්, එම පිරිස නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් මාරතැන්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට පැමිණ අවමංගල්‍ය උත්සවයට අවශ්‍ය ද්‍රව්‍ය මස්කෙලිය නගරයෙන් මිල දි ගෙන ආපසු නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් දක්වා ධාවනය කරන අවස්තාවේ මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තුවාලකරුවන් අතර අවු 03 කුඩා ළමයෙකුද සිටින බවත්, අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

Post a Comment

0 Comments