තමන් බලයට පත්කළ ජනතාව කුසගින්නේ සිටිද්දී හා කෘෂි වගා හානි වලට වන්දි නැතිව හූල්ලද්දී , ඒ ගැන කිසිම හැඟීමක් නැතිව නුවරඑළියට ගොස් මිලියන ගණනාවක් වියදම් කරමින් විනෝදවන ආකාරය අද මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.
මේ අතර අද කෘෂිකරුම ඇමති රට බංකොලොත් නිසා වන්දි ගෙවීමට මුදල් නොමැති බව කියමින් හඬා වැටෙයි.
මෙවැනි තත්වයක් තුල පොහොට්ටු කාරයෝ බහුතරයක් නුවරඑළියට ගොස් විනාශ කරන මිලියන ගණනක් මුදල් ,වන්දි මුදල් දීම සඳහා යොදා ගත්තේනම් කොතරම් වටීද?
මෙයින් පෙනෙන්නේ ෙ මුන්ට ජනතාව ගැන එවැනි හැඟීමක් නැති බව නේද?
0 Comments