නිදහස් අධ්‍යාපනය පුලුල් කිරීමේ සාකච්ඡාවක් පෙරට දමා නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවන උසස් අධ්‍යාපන කොමිෂන් සභා වාර්ථාවක් මේ වන විටත් රනිල්,විජයදාස එකතු වී සකස් කර ඇති බවත් ,එමගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පවා අහෝසි වන බවත්,අවිශිබම පවසයි.
ප්‍රතිපාදන කොමිෂම අහෝසි වුවහොත් දැනට විශ්ව විද්‍යාල වලට ලබා දෙන ප්‍රතිපාදන සියල්ල අහෝසි වන බවත්, වි. විද්‍යාල වලට ඇතුුලත් කිරීමේ කටයුතුද ප්‍රතිපාදන කොමිසමෙන් ගිලිහෙන බවත්,ඒ වෙනුවට ජනාධිපති පත් කරන 11 දෙනෙකුගේ කමිටුවක් මගින් සියලු තීරන ගන්නා බවත් එතැන් සිට නිදහස් අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි යනුවෙන් ශිෂ්‍ය හා දෙමවුපිය එකමුතුව පවසයි.
එසේම ඉහත වාර්ථාව මගින් වෘත්තීය පුහුණු ආයතනද අහෝසි කර වෘ පුහුණුවද පෞද්ගලික අංශයට බාරදී ජනතාවගේ මුදල් ගසාකෑමට ඉඩ හැරීමටද සැලසුම් කර ඇති බව පවසයි.
එසේම වෛද්‍ය අධ්‍යාපනයද නැවත සයිටම් වැනි ආයතන 3 කට ලබාදීමටද සැලසුම් කර ඇත.
රනිල් 80 ගණන් වල ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජය කළා සේ මෙදා , ගෙන එන අධ්‍යාපනය විකිණීමේ පනතද පරාජය කිරීමට පෙරට එන ලෙස ශිෂ්‍යයන්ගෙන්,වෘත්තීය සමිති වලින්,දේශපාලන පක්ෂ වලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අවිශිබම හා දෙමව්පියෝ පවසයි...

0 Comments