දින 18ක් ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට පැවැත්වූගොවි සත්‍යල්‍රහය අද දහවල් නිමකරනු ලැබිණි.
ඔවුන් ඉල්ලා සිටියේ සමනල වැවෙන් ජලය උඩවලව ජලාශයට මුදාහරින ලෙසත් උඩවලව ජලාශයෙන් ගොවිබිම් වලට ජලය නිකුත් කරන ලෙසයි.
එම ස්ථානයට පැමිණි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රැලියක් පවත්වමින් කියා සිටියේ මෙම සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරන බවත් ගොවීන්ගේ හානිවු ගොවිතැන් වෙනුවෙන් වන්දි ලබා නොදුන්නහොත් නැවත මේ ආකාරයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ කෙසේ වෙතත් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ගොවීන්ට ජලය ලබාදීමේ ප්‍රමාදය වෙනුවෙන් කටයුතු කල සියලුදෙනාට දඩුවම් ලබාදීම සදහා ශ්‍රේෂඨාධිකරණයේ නඩු පැවරීමක් සිදුකරන බවයි.
අද පස්වරුවේ සත්‍යග්‍රහය පැවැත්වු ස්ථානයේ අට්ටාලය ඔවුන් විසින් ගලවා ඉවත්කර ගන්නා ලදී.
0 Comments