කෘෂිකාර්මික කටයුතු සඳහා සමනල වැවේ ජල ධාරිතාව උඩවලව ජලාශයට නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේ අනුමැතිය දී ඇත. එහිදී මුදා හරිනු ලබන ජලයෙන් උපරිම ජල විදුලි නිෂ්පාදනයක් සඳහා යොදා ගැනේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විදුලිය විකල්ප මිලදී ගැනීමක් නොකරන්නේ නම් මාතර ගාල්ල රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවයි.
දවල් කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ පැය දෙකක් ලෙස විදුලිය කප්පාදු කරන්නට සිදු වන බවද හෙතෙම පැවසීය.
ඒ අනුව ප්‍රසම්පාදන තම යටතේ හදිසි විදුලිය මිලදී ගැනීමට බලාපොරොත්තු වුණා බව පැවසූ ඔහු ගොවිතැන් සඳහා ජලය නිදහස් නොකළහොත් විදුලි උත්පාදනය සඳහා ගැටලුවක් ඇති නොවන බවද කියා සිටියේය.
සමනල ජලාශයෙන් අගෝස්තු 8 සිට 10 වන දා දක්වා දිනකට ජලය ඝන මීටර් මිලියන තුන හමාර බැගින් හා අගෝස්තු එකොළොස් වන දා සිට පහළොස්වන දින දක්වා දිනකට ඝන මීටර 2.5 ක් බැගින් මුදා හැරීමට කටයුතු කරන්නේ එම ජලයෙන් උපරිම විදුලියක් ජනනය කර ගනිමිනි.
අගෝස්තු දාසය වැනි දින සමනල ජලාශයේ මල ගබඩාව ආරක්ෂා කරගනිමින් විදුලිය නිපදවීම සදහා බලාගාරය වසා දැමීමට යෝජනා වී තිබේ.
16 දා සිට සමනල වැව බලාගාරය වසා දැමීමත් සමග රට පුරා අඛණ්ඩ විදුලි සැපයුමට සඳහා පොල්පිටිය හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධ කිරීමට ද යෝජනා වී තිබේ.
0 Comments