විදුලි බිල් හෙලිදරවුවට නාමල් නඩු යයි..

 

තමන්ගේ යැයි කියන හිග විදුලි බිලක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර දියත් කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අදාල බිල්පත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට තමන් විසින් යවන ලද ලිපියට ද මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ තම විවාහය වෙනුවෙන් ලක්‍ෂ ගණනක හිග විදුලි බිලක් ඇති බවට හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි.

නලින් හේවගේ මහතා කියා සිටියේ තමන් ලංකා විදුලි බල බලමණ්ඩලයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඇත්තේ කළ ඉල්ලීමක් මත එකී තොරතුරු තමන් වෙත ලබා දුන් බවයි.

Post a Comment

0 Comments