ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රීඩකයෙකුට අපරාධ චෝදනා ගොනු කරන්නැයි නීතිපති දන්වයි.. තරග පාවාදීම් චෝදනා..

 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ 2020 වසරේදී පැවති ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරඟ පාවාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මතයි.

ක්‍රීඩකයන් දෙදෙනකු ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීමත් සම්බන්ධයෙන් සචිත‍්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Post a Comment

0 Comments