මර්වින් අත්අඩංගුවට ගන්නැයි කියයි..

 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් යාපනයේ දෙමළ සංවිධාන කීපයක් වඩුක්කොඩෙයි පොලිසියට පැමිණිලි කර තිබේ.

සිංහල ජනතාවට උතුරේ දෙමළ ජනතාව කෙරෙහි වෛරී හැඟීමක් ඇති වන අන්දමට මර්වින් සිල්වා මහතා ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයක්ම සිදු කර ඇති බව ඔවුන් පැමිණිලි මගින් පෙන්වාදී තිබේ.

මෙම ප්‍රකාශ නිසා දෙමළ ජනතාවට සිදුව ඇති මානසික කම්පනයට සාධාරණයක් ඉටු විය යුතු බවද පැමිණිලිකරුවන් කියා සිටිති.

දෙමළ ජනතාවගේ ඔළු කැලණියට රැගෙන එවන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම තුළ දෙමළ ජනතාවට ව්‍යංගයෙන් මරණීය තර්ජන එල්ල කොට ඇති බවද පැමිණිලිකරුවන් පෙන්වා දෙති.

Post a Comment

0 Comments