චීන වරාය පරිශ්‍රයට වන සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ චීන වරාය ගුවන් තොටුපලෙන් ගුවන් ගත වූ නියමුවන් පුහුණු කිරීමට භාවිතා කරන සැහැල්ලු ගුවන් යානයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි.
මෙම ගුවන් යානය ගුවන් හමුදාවට අයත් එකක් වන අතර පුහුණු කටයුතු කළ නියමුවා හා නුපුහුණු ගුවන් නියමුවා මියගොස් තිබේ.
යානාවේ සිදු කරන ලද අලුත් වැඩියාවකින් පසු පරීක්ෂණ පියාසැරියක් සිදු කරද්දී මෙම අනතුර සිදුව ඇත.
0 Comments