ගෝටාභට කට අරිනු..- චන්න

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

අනුප්‍රාප්තික ජනාධිපති වරයා වන රනිල් වික්‍රමසිංහ මහතා දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීමට සූදානම් වන විට ඊට එරෙහි ජනවරමකින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඬව සිටීම පිළිගත නොහැකි බව ඔහු කියා සිටී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ රටේ ඒකීයභාවය තහවුරු කිරීමටත් ඒ සඳහා නව ව්‍යවස්ථාවට ගෙන ඒමටත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ජනවරම භාවිතා කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට බලහත්කාරෙන් පැටවු 13 සංශෝධනය බලාත්මක කිරීමට උත්සාහ කරන බවද හෙතෙම කියා සිටියේය.

Post a Comment

0 Comments