මිල වැඩි කලත් ජල ගාස්තුවෙන් තවමත් පාඩුයි.. මොකද කරන්නේ..

 



ජල ගාස්තු 50% කින් පමණ ඉහළ දැම්මද තවමත් ජලසම්පාදන මණ්ඩලය පාඩු ලබන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ජල ලීටරයකින් මණ්ඩලයට තවමත් සත දෙකක පාඩුවක් තවමත් මෙයට සිදුවන බවද හෙතෙම පැවසීය

ගාස්තු ඉහල දැමීමට පෙර පිරිසිදු ජල ලීටරයකින් සත හතක මුදලක් පාඩු වූ බවත් පාරිභෝගිකයන්ට ලීටරය ලබා දුන්නේ සත දෙකක මුදලකට බවත් හෙතෙම සඳහන් කරයි.

ගාස්තු වැඩි කිරීමත් සමග ජල ලීටරයක් සත පහක මුදලකට ලබා දුන්නද තවමත් සත දෙකක පාඩුවක් ලීටරයකින් මණ්ඩලය දරන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් තවදුරටත් ගාස්තු ඉහල දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments