පිය පුතු පහර දිමකින් තිදරු පියා මස්සිනාගේ මිදුලේ අවසන් ගමන් යයි…

 

බිරිදගේ සහෝදරයා නිවස අසල මියගොස් සිටි තිදරු පියෙකුගේ මල සිරුරක් 09 වන දින උදෑසන දඔුල්ල පොලිසියට හමුවී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කන්ඩලම, දබුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ හේරත් බන්ඩාර (45) නැමැත්තෙකි.

ඔහු බිරිදගේ සහොදරයාගේ නිවසට ගොස් අඩදබර කරගැනිම නිතර සිදුවන බවත් ඊයේ 8 දින රාත්‍රි යේදි එසේ අඩදබර කරගෙන ඇත.

එහිදි මිය ගිය පුද්ගලයගේ පහර දිමෙන් මිදෙන්න නිවැසියන් පහර දුන් බවත් අණතුරුව මරණයට පත්ව ඇති පුද්ගලයා මිදුලේම නිදා ගත් බවත් ඔහු අද උදැසන මිය ගොස් ඇති බවත් එම පවුලේ අය පවසති.

මෙම මරණයට සම්බන්ධව සැක පිට දඹුල්ල පොලිස් ස්ථානය මගින් පියෙකු හා පුතෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ මිය පුද්ගලයා ගේ බිරිදගේ සහොදරයකු හා ඔහුගේ පුත්‍රයායි.

Post a Comment

0 Comments