නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ දන්ත ශල්‍යාගාරය වෛද්‍යවරයෙකු නොමැති විම හමුවේ සිව් මසක් තිස්සේ වසා දමා තිබිම හේතුවෙන් දන්ත රෝගින් දැඩි පිඩාවට පත් වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මොහොමඩ් ෆාරුක් ෆස්ලි මහතා පැවසිය.
හැටන් ප්‍රදේශයේ තිබෙන ප්‍රධානතම රෝහල දික්ඔය මුලික රෝහල බවත්, මෙම රෝහලින් ප්‍රදේශයේ ලක්ෂ හතරක් පමණ වු රෝගි පිරිසකට සේවය සපයන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
සියළුම පහසුකම් සමන්විත දික්ඔය මුලික රෝහලේ දන්ත ශල්‍යාගාරයේ සේවය කල වෛද්‍යවරුන් දෙදෙනෙකු සිව්මසකට ප්‍රථම විදේශ ගත වි ඇති බවත්, ඉන් අනතුරුව රෝහලට තාවකාලිකව අනුයුක්ත කර සිටි වෛද්‍යවරිය දරු ප්‍රසුතිය සදහා නිවාඩු ලබාගෙන ඇති නිසා මෙම ඒකකය සිව් මසක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇති බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
පවත්නා තත්ත්වය මත දික්ඔය මුලික රෝහලේ දන්ත ශල්‍යාගාරය වෛද්‍යවරයෙකු නොමැතිව තාවකාලිකව වසා දමා ඇති බවට දැන්විමක්ද එම ඒකකයේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබුණි.
දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් විශාල පිරිසක් රෝහලේ දන්ත ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත්, සිව් මසක් තිස්සේ රෝහලේ දන්ත ඒකකය වසා දැමිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවයි ප්‍රදේශයේ දන්ත රෝගින් කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ දික්ඔය මුලික රෝහලේ දන්ත ශල්‍යාගාරය තාවකාලිකව වසා දමා තිබිම සම්බන්ධයෙන් එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් විශාල ප්‍රමාණයකින් තමන්ට පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවයි.
එම රෝහලට අවිස්සාවේල්ල මුලික රෝහලේ දන්ත ශල්‍ය අංශයේ සේවය කරන වෙද්‍යවරයෙකු දික්ඔය මුලික රෝහලට අනුයුක්ත කර තිබුණද එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් එම වෛද්‍යවරයාව මුදා නොහැරිම හේතුවෙන් එම වෛද්‍යවරයා මේ වන තෙක් දික්ඔය මුලික රෝහලේ සේවයට වාර්තා කර නොමැති බවයි.
0 Comments