විශාල කර්මාන්ත ශාලා දෙකක් ගිනිගනී.. හෝමාගම උණුසුම්.. ආරක්‍ෂාව තර කරයි..

 

හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලා දෙකක ඇති වූ ගින්නක් පාලනය කිරීමට ගිනි නිවන හමුදාව, යුද හමුදාව හා පොලීසිය එක් වී සිටී.

හෝමාගම පොලිසිය සඳහන් කරන්නේ මෙම ගින්න රිදී කර්මාන්තශාලාවක ඇති වූ බවත් පසුව තීන්ත කර්මාන්ත ශාලාවක් පැතිර ගොස් ඇති බවත්ය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර ගින්න පාලනය සඳහා අසල පළාත් පාලන ආයතන වල ගිනි නිවන ඒකකයන්ද කැඳවා තිබේ.

කර්මාන්ත ශාලාවන් දෙකේම රසායනික ද‍්‍රව්‍ය ඇති නිසා ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

Post a Comment

0 Comments