ආණ්ඩුව හොල්ලන දැවැන්ත කම්කරු සමුළුවක්! පළමු සාකච්ඡාවට විපක්ෂයේ බහුතර පක්ෂ ,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්වෙයි!

  


ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ආණ්ඩුව සිදුකරන EPF/ETF අරමුදල් කොල්ලයට,රාජ්‍ය විශ්‍රාම වැටුප් කප්පාදුවට,රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණයට සෞඛ්‍යයේ ඇති කරන විනාශයට,ජලපුශ්නයට යොජිත කම්කරු වහල් නීතියට  හා සමෘද්ධි කප්පාදුවට එරෙහිව දැනට තැන තැන පවත්වන උද්ඝෝෂණ වෙනුවට ඒවා ඒකාබද්ධ කරමින් දැවැන්ත කම්කරු සමුඵවක් කොළඹදී පැවැත්වීමට ආණ්ඩු විරෝධී සියලු දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 18 දින කොළඹ මහජන පුස්ථකාලයට රැස්වී තීන්දු කළ බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ M.D. R අතුල පැවසීය...

           මෙම රැස්වීම සඳහා වාසුදේව,මුජිබර් රහුමාන්,හිරුනිකා,පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව,සිරිතුංග,නිදහස සභාවේ චරිත හේරත්,ල.සසප,කො .ප නායකයන්ද,වෘත්තීය සමිති විශාල ගණනක නායකයන්ද සිවිල් සංවිධාන නායකයන්ද සහභාගී වූ බව ඔහු පැවසීය.

     මීළඟ සාකච්ඡාව සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද,වෘත්තීය සමිති වලටද ආරාධනය කර ඇති බව ත්,මෙම සමුළුව කැඳවීමට පෙර අගෝස්තු 28 දැවැන්ත විරෝධතාවක් කොළඹට කැඳවීමටද තීරණය වි ඇත.

Post a Comment

0 Comments