ඉම්රාන් ඛාන්ගේ ජීවිතය "අනතුරක" පවතින බව පවසමින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ උප සභාපති ෂාමහමුද් කුරේෂි පෙන්වාදී ඇත්තේ, හිටපු අගමැතිට බන්ධනාගාර පරිපාලනය විසින් ආහාර පවා ලබා නොදෙන බවයි.
ඉම්රාන් ඛාන් සෙනසුරාදා ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, ටොෂාකානා නඩුවේ "දූෂිත ක්‍රියාවන්" සම්බන්ධයෙන් වැරදිකරු වී වසර තුනක සිර දඬුවමක් නියම වීම හේතුවෙනි.
පීටීඅයි ප්‍රධානියා අඩියාලා බන්ධනාගාරයේ තබා ගැනීමට අධිකරණය නියෝග කළ නමුත් ඔහු ඇටෝක් බන්ධනාගාරයට මාරු කළබව කුරේෂි පැවසීය.
ඇටටොක් බන්ධනාගාරයේ පහසුකම් හිඟ බවත් ඔහු පවසයි.
ඔහු කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයා සී පන්තියේ අඩු පහසුකම් සහිත සිරමැදිරියක රඳවා සිටි බවයි.
සිරගෙදර සිටින පීටීඅයි ප්‍රධානියාට නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා නොදුන් බවටද කුරේෂි චෝදනා කළේය.
පීටීඅයි ප්‍රධානියාගේ අත්සන නොමැතිව අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ඔහු පැවසීය.
මේ අතර ඉම්රාන් ඛාන් ඇටෝක් බන්ධනාගාරයේ සිට ආඩියාලා බන්ධනාගාරයට මාරු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයඉස්ලාමාබාද් මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
පීටීඅයි සිය පෙත්සමෙන් කියා සිටියේ ඔහුගේ "අධ්‍යාපනය, පුරුදු සහ සමාජ සහ දේශපාලන තත්ත්වය" අනුව, හිටපුඅග්‍රාමාත්‍යවරයාට බන්ධනාගාරය තුළ වඩා හොඳ හෝ A පන්තියේ පහසුකම් සඳහා ප්‍රවේශය තිබිය යුතු බවයි.
පෙත්සමේ දැක්වෙන්නේ පීටීඅයි සභාපතිවරයා "අඩි 9 x 11 කුඩා කුටියක" රඳවා සිටින බවයි.
ඉම්රාන් ඛාන්ගේ නීති කණ්ඩායමට, පෞද්ගලික වෛද්‍යවරයකුට සහ පවුලේ සාමාජිකයන්ට ඔහු හමුවීමට අවසර දෙන ලෙසපෙත්සමෙන් ඉල්ලා තිබේ.
0 Comments