එකම පක්‍ෂය දෙකට බෙදී පාගමනක…

 

වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් සපිරිම නිමිත්තෙන් සහ එම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගතිශිලි සන්ධානය නුවරඑලියෙන් සහ හැටන් නගරයෙන් (12) දින පාගමනක් ආරම්භ කෙරිණ.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් යන මහතුන් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල සිට සර්ව ආගමික වතාවන් පැවැත්විමෙන් අනතුරුව තලවකැලේ නගර මධ්‍යය දක්වා කිලෝමිටර් 20 ක දුරක් පාගමනේ නිරත විය.

දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන් වන පා.ම එස්.උදයකුමාර් , පා.ම එස්.වේලුකුමාර් යන මහතුන්ගේ සහභාගිත්වයෙන් නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට තලවකැලේ නගර මධ්‍ය දක්වා කිලෝමිටර් 27 ක දුරක පාගමනක් ආරම්භ කල අතර, මෙම පාගමන් දෙකම තලවකැලේ නගර මධ්‍යයේදි එකට එක් විමෙන් පසු තලවකැලේ නගර මධ්‍යයේදි රැස්විමක් පැවැත්විණ.

අපි ශ්‍රි ලංකිකයෝ යන තේමාව මුල් කර ගනිමින් මෙම පාගමන සංවිධානය කර තිබු අතර, වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් ගත වි ඇතත් , එම ප්‍රජාවගේ ඉඩම්, නිවාස , අධ්‍යාපන ඇතුළු අනෙකුත් ප්‍රජාවන්ට ලැබෙන මුලික අයිතිවාසික නොලැබෙන බවත්, එම අයිතිවාසිකම් ලබාගැනිමේ අරමුණින් සහ රටේ නායකයින් සහ ලෝක ප්‍රජාව දැනුවත් කිරිම සදහා මෙම පාගමන සිදු කරන බවයි එම පක්ෂයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.

මෙම පාගමනේදි මාධ්‍යට අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා කියා සිටියේ යහපාලන රජය සමයේ වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිමට සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කල බවත්, ඉන් අනතුරුව පැවති රජයන්ගෙන් කිසිදු දෙයක් වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් සිදු කර නොමැති බවයි.

මෙම පාගමනට සහය දැක්විමට සමගි ජන බලවේගයේ මහ ලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා , වතු කම්කරුවන් ඇතුළු වතු කරයේ ස්වෙච්ඡා සංවිධාන රැසක නිලධාරින් සහභාගි විය.

මෙම පාගමන ගමන් ගත් මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

Post a Comment

0 Comments