හැම පක්ෂයෙන්ම අපේක්ෂකයො දාල ජනාධිපතිවරණය දිනන්න බෑ ! ජ.වි.පෙ ටත් අපි ඒක කියනවා ! මහාචාර්ය චරිත හේරත් පවසයි.............

 




මීළඟ ජනාධිපතිවරණය දිනන්න නම් විපක්ෂය ශක්තිමත් වැඩ සටහනක්(common minimum programe) හැදිය යුතු බවත්,විපක්ෂයේ හැම පක්ෂ⁣යෙන්ම අපේක්ෂකයො දාල ජනාධිපතිවරණය දිනිය නොහැකි බවත්,මෙතෙක් එවැනි අපේක්ෂකයකු නම්කර නොමැති බවත් චරිත හේරත් මහතා පවසයි.

  මේ රටේ ප්‍රධාන ධාරාවට මේ මොහොතේ සමාජය ඇතුලතින් විරෝධයක් පැවතියත්  විරෝධය ප්‍රශ්න වලට විසඳුම නොවන බවත්,රටට අචශ්‍ය ප්‍රශ්න වලට විසඳුම් ගේන පොදු වැඩපිළිවෙළක් බවත් ඔහු පවසයි.

    මේ රටේ ප්‍රශ්නයට විසඳුම  තිබෙන්නෙ බුද්ධිමය මැදිහත්වීමක් ඇතුලෙ පමණක් බවත් එසේ නොවන කිසිම රටක් දියුණුවී නොමැති බවත්,ඒ සඳහා 

1.අපනයනය ශක්තිමත් කරන,රාජ්‍යසේවය හා මූල්‍ය සංචිත ආරක්ෂාකරන,

2.ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරනයක් සහිත,

3.විදේශීය ප්‍රතිපත්තිය හා කළාපීය දේශපාලන සම්බන්ධතාවය අංක එකේලා සැලකිය යුතු වැදගත්ම දෙය බවත්,

4.රාජ්‍ය හා වෙළඳ පළ අතර සමමිතියක් ඇතිකර ගැනීමට ගමන්  කළයුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Post a Comment

0 Comments