තෙල් බවුසරයක් කාරයක හැපේ.. පහක් රෝහලේ..

 



පතන දිඹුල ප්‍රදේශයේදි 13වන දින අලුයම 2.00ට පමන සිදුව ඇති බවුසර් මෝටර් රථ අනතුරකින් තුවාල ලැබු පස් දෙනකු කොටගල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රථිකාර සදහා එම පිරිස දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට මාරුකර යැවිමට පියවර ගෙන ඇත.

නුවරඑළිය සිට කොටගල දක්වා ධාවනය වෙමින් තිබු ඉන්දන බවුසරයක් හා නොර්වුඩ් සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් එකි නෙක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදි මෝටර් රථයේ ගමන් ගත් හතර දෙනකු හා බවුසරයේ රිය සහයක තුවාල ලබා ඇති බවත් එම තුවාල කරුවන් කොටගල රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවත් මෙම අනතුර පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල රෝහලේ නිලගධාරිනියක් පවසන ලද්දේ මෙම අනතුරින් තුවාල ලැබු පිරිස වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.

Post a Comment

0 Comments