වලව ජනපදයේ ගොවීන්ට ජලය දීම ප්‍රමාද විමසා දැන් සිදුවෙමින් ඇත්තේ ජලය නිසා මිනිසුන් මරා ගන්නා තත්ත්වයට පත්ව ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ජලය ලබා දීම ප්‍රමාද වීමෙන් අවාසනාවන්ත ලෙස ගොවි ජනතාව අතර ගැටුම් ඇතිවී මරාගන්නා තත්ත්වයක් ඇති වී තිබෙන කී ඇමතිවරයා ගොවි ජනතාවට සාමකාමී ලෙස ජලය බෙදා දීමේ කටයුත්ත සිදු කරන්නැයි නිලධාරීන් දැනුවත් කර ඇති බවද පැවසීය.
නමුත් ඇති වී තිබෙන අවාසනාවන්ත තත්ත්වය පිළිගැනීමට සිදුව ඇති බවත් පැවසූ ඔහු අවසානයේ ජනාධිපතිවරයා මැදිහත් නොවුණේ නම් තවමත් මෙම ප්‍රශ්නය විසදා ගැනීමට නොහැකි බවද පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ උඩවලව ගොවීන්ට ලබා දෙන ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමෙන් ගොවීන් අතර ගැටුම් ඇති වී තිබෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ අතර වූ වලව ගොවි ජනපදයේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ගොවීන් සඳහන් කරන්නේ සමනලවැව ජලාශයෙන් ජලය මුදා හැරියද මෙතෙක් ජල බිඳුවක් හෝ එම ප්‍රදේශයේ ඇළවේලි වලට ලැබී නොමැති බවයි. ඒ හේතුවෙන් තමා වගා විනාශ වී ඇති බවත් දැන් ජලය ලැබුනද ඵලක් නැති බවත් ඔවුන් කියා සිටිති.
0 Comments