ආණ්ඩුව නිසා පීඩාවට පත් ගොවිනට වහාම වන්දි ගෙවනු..

 

‘ආණ්ඩුවේ සහ නිලධාරිතන්ත්‍රයේ අඩුපාඩු නිසා පීඩනයට පත් ගොවි ජනතාවට වහාම වන්දි ගෙවීමක් කළ යුතුයි’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

‘IMF මඟපෙන්වීම යටතේ ඉදිරියට යන මේ ආණ්ඩුවේ, අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් ජනතාව මත පතිතව ඇති පීඩනය දෙගුණ තෙගුණ වෙමින් පවතිනවා.

නිදසුනක් ලෙස දැන් බලන්න, සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේ තීරණය ගන්න ආණ්ඩුව දින 15ක් ගත්තා. මේ නිසා අස්වනු නෙළීමට නියමිතව තිබූ වගා බිම් රැසක් විනාශයට පත් වුණා.

නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුවේ සහ නිලධාරිතන්ත්‍රයේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් අමතර පීඩනයකට ලක් වීමට සිදු වුණා.

‘නියඟයක් එනවා’ කියලා කාලගුණ දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා නම්, බෙල්ල මුලටම හිර නොවී මේ ජලය බෙදාහැරීමේ ප්‍රශ්නය විසඳීමට බැරි ඇයි?

ආණ්ඩුවේ සහ නිලධාරිතන්ත්‍රයේ අඩුපාඩු නිසා පීඩනයට පත් ගොවි ජනතාවට වහාම වන්දි ගෙවීමක් කළ යුතුයි. වන්දි නොදී අත පිහ ගන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නැහැ.


Post a Comment

0 Comments