ශ්‍රී ලංකාවට බලපා ඇති විශේෂඥ වෛද්‍ය සහ විදුලි ඉංජිනේරු ගැටලු සමගි ජන බලවේගය ආණ්ඩුවක් තුළින් විසඳීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
තම රජයක් යටතේ ඔවුන්ගේ ගැටලු විද්‍යාත්මක විසඳීමට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.
වෛද්‍යවරුන් වෘත්තීය ප්‍රශ්න කතා කිරීමට ජනාධිපති මන්දිරයට පැමිණෙන විට පොලීසිය හමුදාව ඇතුළු කැරළි මර්දන ඒකක යෙවීම ගැන කණගාටු වන බව ද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

0 Comments