නිවසක ඉතා සුක්ෂම ලෙස මල් පොච්චියක වගා කර තිබු ගංජා පැළයක් සමග සැකකරුවෙක් හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත හැටන් දරවල වත්තේ සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි මල් පොච්චියක සුක්ෂම ලෙස ගංජා පැළයක් සැකකරු විසින් වගා කර තිබු බවත්, එය අඩි 2 ½ පමණ උසට වැඩි තිබු බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
0 Comments