යාපනය කොණ්ඩාවිල් ප්රදේශයේ පිහිටි වෙළඳසැල ඇති වූ ගින්නල හේතුවෙන් වෙළඳසැල සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.
අදාල වෙළඳසැලේ ගින්න ඇති වූ අවස්ථාවේදී සේවකයින් ඇතලු සියලු දෙනා වහා වෙළඳසැලෙන් ඉවත්ව ඇති අතර හෝටලේ සිවිලිමේ ඇති වූ ගින්න වේගයන් පැතිරීම හේතුවෙන් ගින්න නිවා දැමීමට අසල්වාසීන්ට නොහැකි වී ඇත.
පසුව ඒ පිළිබඳව යාපනය මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයට දැනුම් දීමෙන් පසුව ගිනිනිවන නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ ගින්න නිවාදමන විටත් වෙළඳසැල සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය පැවසීය.
අදාල ගින්න හේතුවෙන් වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සම්පූරණයෙන්ම විනාශ වී ඇතිය ඒහි හිමිකරු කියයි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර වෙළඳැසැලේ විදුලි කාන්දුවකින් ගින්න ඇති වෙන්නට ඇතැයි පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය සැකපලකර සිටියි.
0 Comments