ගොවිතැනට අවශ්‍ය ජලය ජලාශවලින් මුදා හැරීමට කටයුතු නොකළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වැටලීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරයි.
විදුලිය නැතුව කරුවලේ සිටියද බඩගින්නේ සිටිය නොහැකි බව ඒ මහතා කියා සිටියේ රත්නපුරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉදිරියේදී අනිවාර්යෙන්ම ඕනෑම තත්ත්වයක් යටතේ විදුලිය නිෂ්පාදනයට සඳහා ඉන්ධන යොදා ගැනීමට සිදු වන බවත් එනිසා දැන ගන්නා තීන්දු හේතුවෙන් අසවැන්නත් නැතිව විදුලියත් නැති වන තත්ත්වයට පත්වන බවද හෙතෙම කියා සිටියේය.
රජය සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් සදුදා හවස් වන විට වලව ගොවින් සමග විදුලිබල මණ්ඩලය ප්‍රධාන කාර්යාලය ආක්‍රමණය කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
0 Comments