වෛද්‍යවරයෙකුට එරෙහිව GMOA අවි ඔසවයි..

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මේ දැක්වේ.

***

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II හා අධ්‍යක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය G. විජේසූරිය මහතාගේ අවිචාරවත් හා අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පා දියත් වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග.

***

GMOA/SH/2023/0082

2023.08.16

ලේකම්,

සෞඛ්‍ය අමාත්‍යංශය,

කොළඹ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II හා අධ්‍යක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහල වෛද්‍ය G. විජේසූරිය මහතාගේ අවිචාරවත් හා අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පා දියත් වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග.

උක්ත කරුණ පිළිබඳ සාක්ෂි හා සාධක සහිතව මීට ඉහතදී අප විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ කරුණු දැක්වීම් රාශියට වැඩිමනත් වශයෙනි.

සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාත්මක ‘සැඟවුණු හස්තයක්’ විසින් මෙම පැමිණිලි විභාග කොට වෛද්‍ය  G. විජේසූරිය මහතාට එරෙහිව සුදුසු පරිපාලනමය හා විනය ක්‍රියාමාර්ග ගැනීම අවහිර කරන පසුබිමක ඔහු විසින් දිගින් දිගටම තම සුපුරුදු අවිචාරවත් හා අත්තනෝමතික හැසිරීම සිදු කරනු දැකිය හැකි වෙයි.

ඒ අනුව,

  1. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි නිලයන් මඟහරිමින් ඉහළ නිලධාරීන් සමඟ ගණුදෙනු කිරීම.

උදා –

  1. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා සෞඛ්‍ය ලේකම් වන ඔබ මඟහරිමින් ඍජු ලෙසම ජනාධිපති ලේකම් වෙත ලිපි යොමු කිරීම. (ඇමුණුම I – අදාල ලිපිය)
  2. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මඟහරිමින් ඍජු ලෙස ඔබ වෙත ලිපි යොමු කිරීම. (ඇමුණුම II – අදාල ලිපිය)
  3. තමන්ට නොමැති සුදුසුකම් පෙන්වමින් මාධ්‍ය ඉදිරියේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස දිගින් දිගටම පෙනී සිටීම හරහා ජාත්‍යන්තරව පිළිගන්නා “ව්‍යාජ වෛද්‍යවරයෙක්” යන නිර්වචනය තුලට ඇතුලත් වන පරිදි කටයුතු කිරීම.
  4. මෑත කාලීනව රිජ්වේ ආර්යා ළමා රෝහලේ 8 B වාට්ටුවේ ඇති වු අර්බුදකාරි තත්ත්වය විසඳිම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීම හරහා රෝහල තුල අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීම.
  5. දිවයින පුරා ඉන්සියුලින් නික්ෂේපන වල දැඩි හිගයක් තිබියදී රිජ්වේ ආර්යා ළමා රෝහල තුල අතිරික්ත තොග රඳවා ගනිමින් අනෙකුත් රෝහල් හා රෝගීන් වෙත අසාධාරණයක් සිදු කිරිම.
  6. සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන බව අගවමින් දිගින් දිගටම ජනමාධ්‍ය ඉදිරියේ පෙනි සිටින අතර ඒ හරහා ඉදිරිපත් වන කරුණු මඟින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමාජය ඉදිරියේ විහිලුවට හා අප්‍රසාදයට ලක් කිරිමට කටයුතු කිරීම.

උදා –     ළමා රෝහල තුල මෑතකදී වාර්තා වූ වකුගඩු සැත්කම ආශ්‍රීත සිදු විම.

ඒ අනුව ඉදිරි සතියක කාලය තුල ඉහත කරුණු පිළිබඳ නිසි ක්‍රියාමාර්ග කරා එළඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස අසමත් වූවහොත් එළඹෙන 23 වන බදාදා දින පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  මධ්‍යම කාරක සභාවෙන් පසු ආරම්භ වන දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යොමු වීමට  විධායක සභාව ලෙස තීරණය කර ඇත.

එහිදී ආරම්භක පියවරක් ලෙස දිවයින පුරා සිටින  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකත්වය විසින්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස නිසි නිල මගින් රාජකාරීමය ගණුදෙනු සිදු නොකිරීමට  කටයුතු කෙරෙනු ඇත.

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා සෞඛ්‍ය පද්ධතියට වන බලපෑම් පිළිබඳ පූර්ණ වගකීම මෙම වෛද්‍යවරයාගේ අවිචාරවත්  හා අත්තනෝමතික හැසිරීම දිගින් දිගටම ආරක්ෂා කරන සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිටින ‘සැඟවුණු හස්තයක්’ භාර ගත යුතු බව අවධාරණය කරමි.

ස්තූතියි,
මීට විශ්වාසී,

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්

Post a Comment

0 Comments