නව ලිබරල්වාදීන් අතර පමණක් නොව ජාතිකවාදී සහ වාමවාදී පිරිස් අතර පවා ආර්ථික අර්බූදය විසඳීමට IMF හැර වෙනත් මාවතක් නැතැයි සිතන අය සිටින බවත් මෙම නිගමනය කිසිදු පදනමක් නැති ප්‍රලාපයක් බවත්,මෙය නව ලිබරල්වාදී දෘෂ්ටියෙන්ම ගලා එන අදහසක් බවත් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුමනසිරි ලියනගේ පවසයි..එසේම මෙම අර්බූදය ප්‍රාග්ධනයේ උවමනාවන් වෙනුවෙන් පමණට වඩා පුම්බපු එකක් බවත් ඔහු පවසයි.
තරමක රැඩිකල් තීරන කිහිපයකින් සහ ජාතික ආර්ථික සැලැස්මක් අනුව ආර්ථිකය හැසිරවීමෙන් මෙම ආර්ථික අර්බුදය විසඳිය හැකිවා පමනක් නොව රට සංවර්ධනයේ මාවතට සේන්දු කළ හැකි බවද,ඔහු පවසයි.
ඒ සඳහා වමට බර ජනතාවට වගකියන ආන්ඩුවක් පත් කර ගනිමු.

0 Comments