යාපනය කෝපායි පොලිස් වසමේ තිරුනෙල්වේලී ප්‍රදේශයේ පෞද්ගලික ලැඟුම්හලක කාමරයක් තුල මිය ගිය 12 හැවිරිදි දැරියකගේ මළසිරුරක් ඊයේ (13) දින සොයාගත් බවට කෝපායි පොලීසිය පවසයි.
මිය ගිය දැරිය ත්‍රීකුණාමලයේ සිට සිය මිත්තනිය සමගින් යාපනයට පැමිණ ඇත්තේ දැරියගේ අසනීප තත්වයක් හේතුවෙන් යාපනයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමටය. පසුව මෙම දෙදෙනා පෞද්ගලික රෝහල ආසන්නයේ පිහිටි ලැඟුම්හලකින් කාමරයක් කුලයට ගෙන එහි නවාතැන් ගොන ඇති බවට පොලීසියට අනාවරනය වී ඇත.
පසුව ලැඟුම්හලේ කලමනාකාරීත්වය විසින් මෙම දෙදෙනා පිටතට නොපැමිනීම හේතුවෙන් පරික්ෂා කිරීමේදී කිසිදු කතාබහක් නොමැතිවීම හේතුවෙන් කාමරයේ දොරගුලු කඩාදැමීමට පියවර ගෙන ඇත.
අනතුරුව එහි දැරිය ඇඳක් මත වැටී සිටිනු දැක එම අවස්ථාවේදීම කෝපායි පොලීසිය වෙතට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ සිදුකරනු ලැබීය.
එහිදී අනාවරනය වී ඇත්තේ දැරියට නිදිපෙති පොවා ඇති බවටත් ඉන්සියුලින් එන්නතක්ද ලබාදී ඇති අතර ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවටය. එමෙන්ම කාමරයේ අසල ඇඳක් මත අඩ සිහියෙන් දියණියගේ මිත්තනියද සිට අත්අඩංගුවට ගෙන ඇය පොලිස් ආරක්ෂාව යටතේ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දැරියගේ මිත්නිය විසින් දැරියට මෙලෙස නිදිපෙති පොවා ඉන්සියුලින් එන්නත ලබාදී ඇති බවට පොලීසිය සැක පල කරන අතරම මිත්තනිය ප්‍රතිකාරවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
මිය ගිය දැරිය දැනට ජීවත්ව ඇත්තේ ත්‍රීකුණාමලයේ සිය සීයා සහ මිත්තනිය සමීපය වන අතර දැරියගේ මව වෙනත් අයෙකු සමග විවාහ වී සිටින බවද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.


0 Comments