‘රාජ්‍ය ආදායම පැත්තෙන් ගත් කල ලංකාව ගිය වසරේදී රටවල් 193 ක් අතරින්, ඒ කියන්නේ අඩු ම ආදායම ලබන අයගෙන් 193 ක් අතරෙන් 190 වෙනි ස්ථානයේ ඉන්නවා. ඒ කියන්නේ ලෝකයේ අඩුම ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 7.4 ක් කියන්නේ, ලෝකයේ අඩු ම ආදායමක්. ඒක රටවල් 193 ක් අතරින් 190 වෙනි ස්ථානය අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය ආදායම පුදුමාකාර විදිහට කඩා වැටිලා තියෙනවා’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පාර්ලිමේන්තු අනුකාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් (08) පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාවට කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;
“පසුගියදා අපගේ ක්‍රම සහ විධි එහෙම නැත්නම් ක්‍රමෝපාය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ පළමු වාර්තාව ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට. එහිදී අපි සොයා ගත් කාරණා හා අපේ නිර්දේශ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නම්. සවිස්තරාත්මක වාර්තාව ඔබ හැමටම අපි ලබාදීලා තියෙනවා. ඒක අනුව ඔබට කටයුතු කරන්න පුළුවන්.
අපි සභාවාර 12 ක් පැවැත්වූවා. ඒ 12 න් ලබාගත්ත දේ තමයි ඇතුල් කරලා තියෙන්නේ. අපේ කටයුතු අපි තවදුරටත් ඉදිරියට ගෙනියනවා. 2022 නොවැම්බර් මාසයේ 23 වෙනිදා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් තමයි අපේ කාරක සභාව ඇති කළේ. ඒ අනුව එතෙක් පැවැති රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව, කෝපා එක හා කෝප් එක අතරට තවත් ආයතන තුනක්, පාර්ලිමේන්තු කාරක සභා තුනක් ඇතුල් වුණා. එකක් මේ ක්‍රමෝපාය, එහෙම නැත්නම් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව. ඒ වගේම බැංකු කටයුතු පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය සඳහා වූ කාරක සභාව.
2023 පෙබරවාරි මාසේ 21 වෙනිදා නම් ප්‍රකාශ කළේ මේ කාරක සභාවේ සාමාජිකයන්ගේ. අපි මාර්තු මාසයේ තමයි මේ වැඩකටයුතු ආරම්භ කළේ. මම පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා. අපේ කාරක සභාවේ මන්ත්‍රීතුමන්ලාගේත් එහි සභාපති ධූරයට මාව ඒකමතිකව පත්කර ගැනීමත් කිසිම ගැටුමකින්, විසංවාදයකින් තොරව අපේ කාරක සභාවේ කටයුතු කරගෙන යාමට අපට සහයෝගය ලැබීමත්, ඒ වගේම රාජ්‍ය ආයතනවල යම් යම් ගැටළු තිබුණත් අපට ලබාදුන් සහයෝගය පිළිබඳ ඒ රාජ්‍ය ආයතන වලටත් අපගේ ස්තූතිය පිරිනමනවා. අපගේ ස්ථාවර නියෝග 124 යටතේ අපට පහත සඳහන් කරුණු රජයේ ප්‍රධාන ආදායම් උත්පාදන ආයතන වන ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් උපයනු ලබන ආදායම් වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කිරීම. බදුකරණය හා තීරු බදු සම්බන්ධ සියලු කාරණා හා බදුකරණය හා තීරු බදු ගාස්තු සම්බන්ධව පවත්නා ප්‍රතිපත්ති වලට වෙනස්කම් යෝජනා කිරීම. ඒකට නිදහස් වෙළඳ ගිවිසුමුත් ඇතුලත්. ඒ වගේම අන්තර්ජාතික වෙළඳාම ආශ්‍රිත කරුණු. අපනයන ප්‍රතිපත්ති ඇතුළු වෙළඳ කර්මාන්ත ආශ්‍රිත ගැටළු, රජයේ සමාජ සුබසාධන වැඩසටහන ආශ්‍රිත කරුණු, හදිසි ආපදා සහන ලබාදීම පිළිබඳ ආශ්‍රිත කරුණු පිළිබඳව විමර්ශනය කරලා නිර්දේශ ඉදිරිපත් කිරීම තමයි තියෙන්නේ.
ඒ අනුව අපි මේ අවස්ථාවේදී වැඩි අවධානයක් යොමු කළා රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක රජයේ ආදායම් උපයන ප්‍රධාන ආයතන තුන ගැන. ඒ අනුව අපි දැනගන්නා ලද කරුණු ඉතාම කණගාටුවෙන් කියන්න ඕනේ. රාජ්‍ය ආදායම පැත්තෙන් ගත් කල ලංකාව ගිය වසරේදී රටවල් 193 ක් අතරින්, ඒ කියන්නේ අඩු ම ආදායම ලබන අයගෙන් 193 ක් අතරෙන් 190 වෙනි ස්ථානයේ ඉන්නවා. ඒ කියන්නේ ලෝකයේ අඩුම ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 7.4 ක් කියන්නේ, ලෝකයේ අඩු ම ආදායමක්. ඒක රටවල් 193 ක් අතරින් 190 වෙනි ස්ථානය අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය ආදායම පුදුමාකාර විදිහට කඩා වැටිලා තියෙනවා. ඒ අනුව අපි ඒ අනුව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ තරඟකාරීත්වය නගාසිටුවීම ගැන අපි අදහස් දක්වලා තියෙනවා.
ආපදා කළමනාකරණය හා සමාජ සේවා වැඩසටහන් ගැන. ඒ වගේම කැඳවන ලද ආයතන ලැයිස්තුව අපි ලබාදීලා තියෙනවා. කාරක සභා රැස්වීම් 12 පිළිබඳ කෙටි වාර්තාවක් අපගේ කාරක සභාවේ නිලධාරී ලේකම්තුමියන්ලා විසින් සකස් කරලා තියෙනවා. ඒ වගේම අපිට දීලා තියෙන විශේෂ බලතල දෙකක් තියෙනවා. එකක් බොහෝ ඒවා විශේෂයෙන්ම කෝපා එක හා කෝප් එකට පුළුවන් අපගේ විගණකාධිපතිතුමා විසින් ලබාදෙන විගණන වාර්තා පදනම් කරගෙන තමයි ඒගොල්ලෝ කටයුතු කරන්න ඕනේ. නමුත් අපිට එහෙම එකක් නැහැ. ඕනම වාර්තාවක් කැඳවලා ඕනම ආකාරයට කටයුතු කරන්න පුළුවන් විතරක් නෙවෙයි. ඒ ආයතන සම්බන්ධයෙන්, ඒ ආයතන වලට ගිහිල්ලා, ඒ වගේම ලංකාවේ ඕන මේ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ බලය පවරලා තියෙනවා. ඒ අනුව අපි ඒ ප්‍රධාන ආයතන තුනට, අපේ ගරු මන්ත්‍රීතුමන්ලා හා ඒ ගැන උනන්දුවක් දක්වන අපගේ අවසරය මත අනෙකුත් මන්ත්‍රීතුමන්ලාත් සම්බන්ධ වෙලා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට හා සුරාබදු දෙපාර්තමේන්තුවට නිරීක්ෂණ චාරිකා වල ගියා. එතනදි අදත් ලංකාවේ විශාල වශයෙන් ගැටළුවකට ඇතිවෙලා තියෙන මේ බදුකරණය පිළිබඳ ගැටලුව.
ඒ පිළිබඳ තියෙන සාමාන්‍ය සම්මත පිළිගැනීම ඒ කියන්නේ ඇඩම් ස්මිත්ගේ ඉඳන් පවතින දේශපාලන ආර්ථික විද්‍යාවට අනුව තිබෙන ඒ මූලධර්ම හතර පිළිබඳ අපි අවධානය යොමු කළා. ඒ කියන්නේ බදු අය කිරීමේ තියෙන සාධාරණත්වය. ඒ වගේම නිශ්චිතභාවය, ඒ වගේම බදු ගෙවන්නන්ට හා බදු එකතු කරන්නන්ට තියෙන පහසුව ඒ වගේම බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ තිබෙන කාර්යක්ෂමතාව. මේ කියන කරුණු හතර පදනම් කරගෙන තමයි අපි මේ විශ්ලේෂණය, විග්‍රහය කරලා තියෙන්නේ. ඒ පිළිබඳ විස්තර ගොඩාක් අපි අඳුනගෙන තියෙනවා. එතකොට මේ ලංකාව අන්තිම හතර දෙනා අතරට පත්වෙන්න තියෙන දුර්වලතා අපි අඳුරගෙන තියෙනවා පොදු දුර්වලතාවයන්. එකක් විවිධ බදු විරාම, සහන ආදිය, ඒ වගේම බදු ගෙවන්නන්ගේ ප් රතිශතය මුල් ජනගහනයෙන් දැනට තියෙන්නේ සීයට තුනක පමණ ප්‍රමාණය. ලක්ෂ හතරයි දැනට අ අපි ගත්තොත් අ බදු, එහෙම නැත්නම් ලංකාවේ දැනට පවතින්නේ.
ඒ වගේම දේශීය ආදායම් පනතේ දීලා තිබිච්ච යම් යම් වියදම් වැඩි කිරීමට දීල තිබුණා හැබැයි ඒවා ළඟදි වෙනස් කළා කාලානුරූප බදු නිදහස් දීමනා බදු අනුපාත තත්කාලීන ලෙස අඩු කිරීම හා ප්‍රතිපත්ති වෙනස් කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සංගතභාවයක් එහෙම නැත්නම් එකක් නොමැතිකම බදු ක්‍රමයේ තිබෙන නම් නම්‍යශීලීතාව සහ ඒක පුද්ගල ආදායම වැඩිවෙනකොට රටක ඊට සමානුරූපීව බදු අය කරන්නේ කොයි කණ්ඩායම් වලින්ද කියලා හිතලා බලලා එවැනි ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම. ඒ වගේම අවිධිමත්, ඒ කියන්නේ රටේ මූල්‍ය ක්‍රියාවලියට යටත් නොවෙන අවිධිමත් අංශය ලංකාවේ 45% ක්.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බදු අයකරගන්න නම් අපි බදු ප්‍රකාශයක් කරන්න ඕනේ. අපේ බැංකුවල දත්ත තියෙන්න ඕනේ. කිසිම ලේඛනයකින් තොරව ගනුදෙනු සිදුකරන ප්‍රමාණය 45% ක්. ඒ අනුව ඔබ හැමට තේරෙනවා ඇති මේ අය බදු දැලට යොමු කර ගත්තොත් ඉබේම ලංකාවේ බදු ආදායම ආසන්නයෙන් තව 50% කින් පමණ වැඩි කරගන්න පුළුවන් කියන එක.
ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අපි දැකපු මේ මත බදු අය නොකිරීම. ලෝකයේ මේ පිළිබඳව තිබෙන ඒ ගිවිසුම අත්සන් නොකරන ලද රටවල් හයෙන් එකක් අපි. ඒ නිසා දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හැමෝම පාවිච්චි කරනවා ඌබර් එකයි, පික්මී එකයි. මේක ඒ ආයතන වලට කරන අපහාසයක් නෙමෙයි. නමුත් පික්මී එකෙන් බදු අය කර ගත්තාට ඌබර් එකෙන් බදු අය කර ගන්න බැහැ අපිට. ඒ අපේ බදු ප්‍රතිපත්තියේ තියෙන විශාල අඩුපාඩුවක්. අපි මේ පාවිච්චි කරන ෆේස්බුක්, යූ ටියුබ් මේ කිසිවකින් බදු අය කරගන්න බැහැ. නමුත් අපේ අල්ලපු රට ඉන්දියාව ඒ බදු අයකර ගැනීම කරනවා. ලෝකයේ රටවල් බහුතරයක් අයකර ගැනීම් කරනවා. අපි ඇතුළු රටවල් හයයි මේ කටයුත්ත නොකරන්නේ. ඒක අපි බොහොම පැහැදිලිව පෙනිලා තියෙනවා.
මේ පිළිබඳ අනිවාර්යෙන් අපි ඒ ගිවිසුමට ඇතුල් වෙලා ඒ මත යන්න ඕනෙයි කියන එක. ඒ වගේම මේ බදු ප්‍රතිශත දීලා තියෙනවා, පළවෙනි මාස හය ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දීලා තියෙන ඉලක්ක වලින් 2% යි ඒගොල්ලෝ සපුරගෙන තිබුනේ. රේගුව 33% යි. සුරාබදු දෙපාර්තමේන්තුව 41% යි. ඉතින් පේනව ඇති ඉලක්කගත ප්‍රමාණය අපි ගත්තොත් පළවෙනි හය මාර 50% යි කියලා ගත්තොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි 42%ක්. රේගුව 33% කට කිට්ටු ගාණක්. සුරාබදු දෙපාර්තමේන්තුව 41% යි. ඉලක්කය ළඟා කර ගැනීමේ අපහසුතාවයකින් පෙලෙන බව පෙනිලා තියෙනවා. අපි ගත්තොත් මුලින්ම මේ රේගුව ගැන රේගුව ට රේගු බදු අය නොවී තියෙන ප්‍රමාණය බිලියන 6.7 යි. එකක් ජූනි මාසයට. ඒ කියන්නේ කෝටි 671ක් අය වෙලා නෑ රේගුවට.
ඒ වගේම අපි දැකපු මේ තවත් බරපතල අඩුපාඩුවක් තමයි මිස්ඉන්වොයිසින්. ඒ කියන්නේ අපනයනය දිහා ආනයනයේදී අන්ඩර් ඉන්වොයිස් කිරිල්ල ඒ පිළිබඳව නිශ්චිත අන්තර්ජාතික දත්තයක් තියෙනවා ග්ලෝබල් ඉන්ටර්ග්‍රිටි රිපෝට් කියලා. ඒකත් ඇත්තටම එක්තරා ආකාරයක ගෝලීය පිළිගත් තත්වයක්. ඒ තත්වයට අනුවත් ලංකාව ඉන්නේ මේ මිස්ඉන්වොයිසින් වලින් වංචා කරන රටවල් අතරේ අග්ගිස්සේම ඒ කියන්නේ වැඩියෙන්ම වංචා වෙන රටක්.
ආසන්නයෙන් ගත්තොත් අපේ ආනයන, අපනයන, ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් 20% ක් පමණ හරහා රටෙන් එළියට යනවා. ඒ කියන්නේ ආසන්නයෙන් ඩොලර් බිලියන තිහක ට්‍රේඩ් කරනවා කියලා ගත්තොත්, ඒකෙන් 20% ක් පමණ, අනිවාර්යයෙන්ම එළියට යනවා මේ ක්‍රමයට. ඒක ලොකු අගයක් ලෝකයේ හුඟක් රටවල තියෙනවා. ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් එකට. නමුත් ලංකාව එතනින් විශාල දෙයක් තියෙනවා. මේක වළක්වා ගන්න හා මේක අවම කරගන්න. අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන එක අපි මේකේ යෝජනා කරලා තියෙනවා. පිට විසි හයේ ඒ සම්බන්ධ නිශ්චිත යෝජනාවලියක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒක වළක්වා ගන්න. වර්ෂයකට ඩොලර් බිලියන කීපයක් රටෙන් එළියට යාම නිසා අපට මේ ඩොලර් හිඟයකට ලක් වෙන්න වෙන එක හේතුවක් ඒක. ඒ පිළිබඳ ක්‍රියා කරන්න කියලා.
රේගු ආඥා පනත හුඟාක් යල්පැනගිය එකක්. මේක 1869 බ්‍රිතාන්‍ය අඳුන්වලා දීපු එකක්. ඒක දැන් අනිවාර්යෙන්ම නවීකරණය කළ යුතු වෙනවා. අ ඒ වගේම ඒ අයගේ තියෙන ඩිජිටල් පද්ධතියේ තියෙන දුර්වලතා. ඒ වගේම මේ හැමෝම කතා කරපු අර යන්ත්‍රය. අපිත් ගියා ඒක බලන්න. ඒ යන්ත්‍රයෙන් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට ඒක පාවිච්චි වෙන බවක් අපිට පෙනුනේ නෑ. මොකද ඒකෙන් ඉතාම අවමයි. ඒ වගේම ඒකට යොමු කරන ප්‍රමාණයත් ඉතාම අවමයි. ඒ වගේම මේ ඒකාබද්ධ ස්ථානයක් නෑ. ස්ථාන තුනක තමයි මේක කෙරෙන්නේ. ඒකාබද්ධ ස්ථානයක්, වරාය ආශ්‍රිතව පිහිටුවන්න කියලා අපි කියන්නේ.
දැනට මේක කෙරවලපිටියේ කරන්න යන්නේ. ඒකෙන් වෙන්නේ වාහන අති විශාල ප්‍රමාණයක් අධිවේගී මාර්ගයට පිවිසිලා මේ කටුනායක. ඒ තදබදය තව වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ කාලේ අපේ යෝජනාවක් තිබුණා කුණු කන්ද. තිබිච්ච තැන, නාගරික සංවර්ධන අධිකාරියේ පැල්පත් ඉවත් කරලා ඒ ඉඩම් ප්‍රමාණය නිදහස් කරලා තිබුණා. ඒක ඉතාම සුදුසුයි ඒ වැඩේට. එතන කරන්නැතුව මේක කෙරවලපිටියට අරන් යාම මං හිතන්නේ තවත් මාර්ග තදබදය උත්සන්න කිරීමක්. මොකද ඔය කන්ටේනර් ටික දැනට ඔරුගොඩවත්තට, ඒ ආශ්‍රිත ප්‍රදේශවලට යන කන්ටේනර් ටික අධිවේගී මාර්ග පද්ධතියට පිවිසුනු, කටුනායක අධිවේගී මාර්ග පද්ධතියට පිවිසුනොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ ඒ ඒ මාර්ගයේ පහසුව සඳහා.
ලබන වසරේදී ඉඟුරුකඩේ හන්දියේ ඉදන් වරායටම පාර දික් ගැහෙනවා. ඒ අනුව කොළඹ කොටුව ප්‍රදේශය කෙලින්ම අධිවේගී මාර්ග පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයකට පත් වෙනවා. පහුගිය දවස්වල අර අ දින කිහිපයක් රට නතර වෙලා තිබිච්ච වෙලාවේ, වහපු වෙලාවේ කන්ටේනර් පෝලිම තිබුණා වත්තලෙනුත් එහාට. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇතිවිය යුතු නැහැ අධිවේගී මාර්ග පද්ධතිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා ආදායමේ යම් වර්ධනයක් වෙලා තියෙනවා. මේක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේත් තියෙනවා. ඒක හඳුන්වලා දුන්නේ 2017 ඉඳන්. ඊට කලින් තිබුණා එකක්. හැබැයි අද මේ වෙනකන්, දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් වල ඒ පද්ධතියේ යෝජනා කරපු ඒ සිංගප්පූරු සමාගම ඉවත් වෙලා යනවා. අද වෙනකං වැඩපිළිවෙලක් නැති බව අපිට තේරුණා. මේ පද්ධතිය තමන් අතට අරගෙන කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. දැන් අවුරුදු හයක්. කිසිම පියවරක් අරගෙන නෑ.
ඒ වගේම වැදගත්ම කාරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022.12.31 ට දෙපාර්තමේන්තුවේ මුල, මුළු හිඟ බදු දණ්ඩන ගාස්තු හා පොලිය රුපියල් බිලියන 904 ක්. ඒ කියන්නේ ආසන්නයෙන් රාජ්‍ය සේවකයින් දාහතර ලක්ෂයකට වැටුප් ගෙවන්න සමාන මුදලක්. හිඟ පොලිය, දණ්ඩන ගාස්තු හා පොලිය අයකරගෙන නැති. අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුවා මේ ලැයිස්තුව අපිට දෙන්න කියලා. කවුද මේ තියපු කට්ටිය කියලා. අද මේ වෙනකන් ඒක ලබාදීලා නෑ. නොයෙක් හේතු දක්වමින් ඒක ලබාදීලා නැති බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ නව බදු ප්‍රතිපත්තිය යටතේ ආසන්නයෙන් පහළොස් ලක්ෂයක පමණ ටැක්ස් ෆයිල් අරින්න වෙනවා. නමුත් දැන් මේ යන හැටියට නම්, මේ දැන් ඒගොල්ලෝ ටැක්ස් ෆයිල් එකක් විවෘත කරන්න ගන්න කාලය ආදිය ගණනය කළහම, මේකට දශක දෙකක් වැය වෙනවා. මේ එකක් අරින්න යන කාලය හා ඒක කරලා එකට ඇතුල් කරන එක ගත්තහම දශක දෙකක් පමණ යනවා මේ වැඩේට. ඉතින් ඒක ඒ අනුව ඒ අනුව අපිට තේරෙනවා එතන යන එක මොකක්ද කියලා. ඒ වගේම එකේ දැනට දත්ත තියෙන්නේ 2018 – 19 දක්වා පමණයි. ඉතින් මේ ලොකු අඩුපාඩුකම් විශාල ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඒ පිළිබඳව අපි ගොඩක් කියලා තියෙනවා.
මූල්‍ය අරමුදලේ යෝජනා අනුව ලබන අවුරුද්දේ තව බදු දෙකක් එනවා. ඒ කියන්නේ ධන බද්ධ කියලා කියනවා. ඒ වගේම උරුම බද්ද කියලා එකක් එනවා. එතකොට ඒ ඒ අලුත් බදු වර්ග දෙකට මුහුණ දෙන්න සූදානමක් අපි දැක්කේ නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ පද්ධතිය තුළ. අඩුම තරමින් අපේ රට තුළ තියෙන කැසිනෝ හතර ඒ බදු ඒ අය පද්ධතියට අරගෙන ක්‍රියාත්මක කරන එක පවා වෙනුවට ඒගොල්ලෝ ඒක අතින් තමයි කරගෙන යන්නේ. හැබැයි අපි කියන්න ඕන වෙනත් කාරක සභාවක, අපි අවුරුදු විසි අටකට පස්සේ සමහරු මේ කාරක සභා ගැන කියනවා. මේවා වැඩක් නෑ. මේවයේ මුකුත් වෙන්නෑ කියලා. හැබැයි අවුරුදු විසි අටකට පස්සේ කැසිනෝ වල තිබෙන බදු වෙනස් කරන්නත්, කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීමටත් අපිට පුළුවන් වුණා මුදල් කාරක සභාවේ මැදිහත්වීමෙන් ඒ කටයුත්ත කරන්න.
අපි නිර්දේශ දීලා තියෙනවා මේ පිළිබඳ ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව එක්කත් අපි කටයුතු කළා. ඒකෙත් 2013.06.30 වෙනි දිනට ඒගොල්ලන්ගෙත් ඒ කියන්නේ නොගෙවන ලද බදු, බදු නොගෙවන ලද ප්‍රමාණය රුපියල් මිලියන 6235 ක් ආසන්නයෙන් කෝටි 630 ක් ගෙවලා නැහැ. පොලු තියලා තියෙනවා. ඒකේ නම් ලැයිස්තුව අපිට ලබාදීලා තියෙනවා.
අගෝස්තු 10 වෙනිදා අපේ ක්‍රම සහ විධි කාරක සභාවෙන් තමයි ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ නියෝගය දුන්නේ. එතෙක් එක ම ව්‍යාජ ස්ටිකරයක් පිළිබඳවත් ක්‍රියා කරලා තිබුණේ නැහැ. අපි ඒ නියෝගය දුන්නේ මුදල් අමාත්‍යාංශයේ නියෝගය ඔවුන්ට ලබාදීලා තිබුණා. අපි කෙළින්ම සෘජුව නියෝගය ලබා දුන්නා. අපිට ඊයේ වාර්තා කළා ස්ථාන ගණනාව සිදුකරන ලද වැටලීම් වලින් ව්‍යාජ ස්ටිකර් සහිත අරක්කු බෝතල් විශේෂයෙන්ම මිලි ලීටර් එකසිය අසූවේ බෝතල්. හතළිස් අටදාහක් හොයාගෙන තිබෙන බව. ඒ වගේම අපිට පේන විදිහට සැලකිය යුතු ප්‍රතිශතයක් ඒ කියන්නේ රට තුළ සංසරණය වෙන ස්ටිකර් සහිත බෝතල් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ව්‍යාජ සහිතවයි යන්නේ. ව්‍යාජ ස්ටිකරයකට යන මුදල රුපියල් එකයි සත අසූවයි. නමුත් අහිමි වන බදු මුදල ලොකු බෝතලයක් නම්, ලීටර් 750 මිල නම් රුපියල් දෙදාස් නමසීයයි. එතකොට අපිට පේනවා කොතරම් බදු වංචාවක් මේ ක්‍රියාවලිය හරහා යනවා කියලා.
ඉතින් අපිට ඊයේ දැනුම් දුන්නා අපේ කමිටුවට එන්න පෙර ඒගොල්ලෝ ඒක පිළිබඳ සමථකරණයකට ආවයි කියලා ඒ ව්‍යාජ ස්ටිකර් ගහපු කට්ටියත් එක්ක. ඒක මං දන්නෑ කොහොමද ඒ සමථකරණය වෙන්නේ කියලා. සමථකරණයකට ඇවිල්ලා මිලියන 38 ක දඩ මුදල් නියම කළා කියලා. අපි ඒ අයට නියෝගයක් කළා ඒ අනුව දෙවෙනි වතාවටත් වංචාවක් කළොත් මොකද සුරාබදු කොමසාරිස්ට බලය තියෙනවා මේ අයගේ මේ දීලා තියෙන බලපත්‍රය අහෝසි කරන්න. මීට කලිනුත් එහෙම දේවල් කරලා තියෙනවා. එම ක්‍රියාමාර්ගයට යන්න කියලා. ඒ වගේම දීලා තියෙන බදු නොගෙවා ඉන්න අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.
ඒ වගේම ලොකුම කාරණය තමයි රටේ මත්පැන් නිෂ්පාදනාගාර විසිතුනක් තියෙනවා. ඒකෙන් මත්පැන් නිෂ්පාදනාගාර විසි එකක් පමණයි මේ ස්ටිකර් ගහන්නේ. හැබැයි අනිත් දෙන්නා සතුව තමයි තියෙන්නේ. ඩී සී එස් එල් හා ලයන් බෘවරි වෙළඳපොලේ ආදායමෙන් 73% ක් තියෙන්නේ ඒගොල්ලො ගාව. ඒගොල්ලෝ ස්ටිකර් ගහන්නෑ. ඒගොල්ලන්ගේ තියෙන්නේ වෙනම එකක්. ඒක තියෙන්නෙ සුරාබදු දෙපාර්තමේන්තුව සතුව විතරයි. මෙතෙක් ඒ පරීක්ෂණ කෙරිලා නෑ. ඒ හැත්ත තුන සම්බන්ධයෙනුත් පරීක්ෂණ කරන්න කියලා. කෙසේ නමුත් අපි නියෝගයක් දුන්නා නිර්දේශයක් කළා. සියලුම දෙනා මේ මත්පැන් නිෂ්පාදනාගාර විසිතුනටම එක්කෙනෙකුට අනිත් එක්කෙනාට ඒ විදිහට නෙවෙයි හැමෝටම පොදු සම්මත ක්‍රියාමාර්ගයක් නිගමනය කරන්න කියලා ව්‍යාජයකින් ඇත්ත එක වටහා ගැනීම සඳහා දෙක එම ලාංඡනය හෝ අනිකුත් දෑ බදු එම ලාංඡනය සහිත මත්පැන් බෝතලයක් නිකුත් කළ වහාම ඒ පිළිබඳ බදු ආදායම භාණ්ඩාගාරයට ලැබෙන ක්‍රමයක් සකස් කරන්න කියලා. පාරිභෝගිකයාට මේ එකේ කිව් ආර් එක හරහා අයිතිය ලබා දෙන්න කියලා තමන් මිලදී ගන්නා ලද මත්පැන් බෝතලය නිරවද්‍ය එකක්ද නැද්ද කියලා සොයා ගැනීමේ අයිතිය ලබා දෙන්න කියලා. මේ කරුණු ඇතුළත් වෙන විදිහේ නව ටෙන්ඩරයක් කෝල් කරන්න කියලා අපි ඒගොල්ලන්ට කියලා තියෙනවා. මොකද මේ සමාගමේ ටෙන්ඩරය දෙදාස් දහඅටේ කරලා තියෙන්නේ. මේ අවුරුදු පහටම ව්‍යාජ ස්ටිකර් වලට දඩ ගැහුවේ අපේ මේ ක්‍රම සහ විධි ආවට පස්සේ තමයි. එතෙක් මේක කළේ නෑ. ඒ නිසා මේවයින් ප්‍රයෝජනයක් නෑ කියලා කවුරුහරි කියනවා නම්!
මෙතන අපේ ලේකම්තුමියලා දෙන්නයි ඉන්නේ. අපේ මන්ත්‍රීතුමන්ලා දෙන්නටවත් අපිටවත් මේකට විශේෂ කිසිම දෙයක් කරන්න බැහැ. ගෙවීමක් නැහැ. කාර්යාලයක් නැහැ. මුකුත් නැහැ. නමුත් අපි මේ රජයේ ආදායමට එකතු කරලා තියෙනවා. දැන් ව්‍යාජ ස්ටිකර් වැළකෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී ඒ තුළින් රජයට අමතර ආදායමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.”


0 Comments