15 සිට බලාත්මක 2023 අංක 09 දරණ දුෂණ විරෝධි පනතේ 41 වන වගන්තිය අනුව එම පනතේ 111 වගන්තියේ ඇතුලත් වැරදි සිදුකිරිම සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයේ දුෂණ 20 ක් පිළිබඳ පැමිණිලි 20 ක් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු හා ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රීගේ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දෙනු ලැබීය.
2008 සිට 2016 දක්වාත්, 2016දිත් මහ බැංකු බැදුම්කර නිකුතුවේදි සිදුව ඇති දුෂණ සම්බන්ධවත්, ඖෂධ මිලට ගැනිමේදී ශත 64 ඖෂධය රුපියල් 64 මිලදී ලත් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධවත්, කසල පොහොර මෙට්‍රික් ටොන් 96000 ක් මිලදී ගැනිමෙන් රටට බිලියන 1.3ක් අහිමිකිරිම සම්බන්ධවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාටත් , ක්‍රියාත්මක වෙමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරිමෙන් සිදුවු පාඩුව ගැන හිටපු ජනාධිපති ලේකම්වරයාටත්, සීනී බදු අඩුකිරිමේදී සමාගම් කිහිපයකට අයුතු ලාභ ඉපැයීමට දී රජයට මිලියන 3446 ක් පාඩුකිරිම ගැන එවකට මුදල් අමාත්‍යාංශ ලේකම් හා දේශිය ආදායම් කොමසාරිස්වරයාටත්,බදු පාලන පරිඝණක පද්ධතියේ වැඩසටහන් මගින් ස්වයංක්‍රීය තක්සේරු වාර්තා නිකුත්කිරිම නතර කිරිම නිසා රජයට රුපියල් මිලියනබ 24520 ක පාඩුවක් සිදුකිරිම ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හා දේශිය අදායම් කොමසාරිස් ඇතුළු තවත් අයටත්, අයවිය යුතු හිග බදුමුදල් හා දඩ මුදල් අයකර නොගැනිම නිසා රුපියල් බිලියන 4171ක පාඩුවක් රජයට සිදුකිරිම ගැන දේශිය ආදායම් කොමසාරිස් හා මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු තවත් අයටත්, ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතියේදී රජයට පාඩුවත් කිරිම සම්බන්ධව එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තවත් අයටත්, විධිමත් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව නෙළුම් කුළුණ ඉදිකිරිමේදී රජයට සිදුවු පාඩුව සම්බන්ධයෙන් එවකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත්, වී මිලදී ගැනිමේදී හා අලෙවිකිරිමේදී රුපියල් මිලියන 5894 ක පාඩුවත් සිදුකිරිම ගැන වී අලෙවි මණ්ඩලයටත්,අක්ෂි කාච ගෙන්විම, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නොතකා වැඩි මිලට බාල ඖෂධ ගෙන්විම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයටත් එරෙහිව මෙම පැමිණිලි 20 ඉදිරිපත් කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන තන්ත්‍රීගේ මහතා සඳහන් කර සිටියේ අද සිට බලාත්මක වන මෙම නව දුෂණෂ විරෝධි පනත ආසියාවේ තිබෙන බලවත්ම දුෂණ විරෝධි පනත බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලා. ඔන්න දැන් අපි මෙගා පැමිණිලි 20 ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම කොමිසමේ සාමාජිකයින් පනත අනුව වයස අවුරුදු 62ට අඩුවිය යුතුයි.ඒ ගැන අපි ආන්ඩුවේත් පාර්ලිමේන්තුවේත් අවධානය යොමුකරනවා. මේ පැමිණිලි සියල්ල ඉදිරිපත් කරන ලද්දේ අදාල දුෂණවලට සම්බන්ධ නිළධාරින්ට එරෙහිව. මින් ඉදිරියට නිළදාරින් තේරුම්ගත යුතුයි මැති ඇමතිලා කිව්ව පලියට දුෂණ නොකර ඉන්න. රට බංකොලාත් වුනේ මේ තත්වයන් නිසා. මෙවන් මහා පරිපාණ පැමිනිලි 1000 ක් අපි ඉදිරිපත් කරනවා. දැන් ඉතින් ආසියාවේ තිබෙන බලවත්ම පනත අනුව මේවාට වගකිව යුත්තන්ට දඩුවම් දෙන්න. පනතට අනුව දුෂනයෙන් ඉපැයු ධණය ලෝකයේ කොහේ තිබුණත් පවරාගන්න පුළුවන. දැන් ඒවා ක්‍රියාත්මක කරන්න යැයි ද පැවසීය.


0 Comments