මළසිරුරක් සොයා දුන්නොත් ලක්ෂ 20ක්…

 



වවුනියාව නෙලුක්කුලම් පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු 2 ක් වයසැති දැරියගේ මළසිරුර මිහිදන් කල ස්ථානයෙන් අතුරුදහන් වීම හේතුවෙන් සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබාදෙන බවට මියගිය දැරියගේ ඥාතීන් පවසා සිටිති.

නෙලුක්කුලම් රාසේන්ද්‍රකුලම් පොදු සුසාණ භූමියේදී පසුගිය අගොස්තු මස 27 වනදා මිහිදන් කල එල්.දිව්‍යා නැමති දැරියගේ මළ සිරුර මේ මස (සැප්තම්බර් 05 වනදා ) අදාල මිහිදන් කල ස්ථානයේ මිණිවල හාරා සිරුර කිසියම් නාදුනන පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවට දැරියගේ ඥාතීන් විසින් නෙලුක්කුලම් පොලීසියේ සහ වවුනියාව පොලීසියට පැමිණිළි කොට තිබුණි.

කෙසේ වෙතත් මේ දක්වා අතුරුදහන් වූ දැරියගේ මළ සිරුර සමබන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් දැරියගේ මව වූ දැරියගේ මිත්තනිය වූ ගුණරත්නම් රෝහිණි විසින් වවුනියාව මාධ්‍ය සමාජයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පවසා සිටියේ,

මේ වනතුරුත් කුඩා දැරියගේ අතුරුදහන් වූ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති වීමෙන් සියලුම ඥාතීන් දැඩි සිත්තැවුලකින් පසුවන අතරම දැරියගේ අතුරුදහන් සිරුර සම්බන්ධයෙන් තොරතුරු සපයන කෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක් ලබාදෙන බවටත් සිරුර සොයාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබාදෙන බවටත් තමන්ට කෙසේ හෝ දැරියගේ මළ සිරුර අවශ්‍ය බවටය.

Post a Comment

0 Comments