ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු සාධක යොදා ගනිමින් පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා කල් දැම්මත් ජනාධිපතිවරණය ජනමතවිචාරණයකින් හෝ කල් දැමිය නොහැකි බවත් ,රජයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්‍යයෙන් ලබන වසරේ නොවැම්බර් ජනාධිපතිවරණය පවත්වා අභිනව ජනාධිපති දිවුරුම්දීම කළ යුතු බව මහාචාර්ය ජී.එල්.පීරිස් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂය එකාවන්ව කටයුතු කළ යුතු බවයි. එහිදී මාධ්‍යවේදියකු ඇසුවේ මේ රජය පරාජය කර ගේන ආණ්ඩුවේ වැඩ පිළිවෙල කුමක්ද?කියාය.එන ආණ්ඩුවත් අනුගමනය කරන්නේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිම නම් තවදුරටත් මූණු වෙනස් කර පලක් නැති බව එම මාධ්‍යවේදියා පැවසීය...

0 Comments