රාජිත-චතුර අලුත් ඇදුම් අදියි.. කෙහෙලියගේ විශ්වාසභංගය හෙට තීන්දුයි..

 

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍ර චතුර සේනාරත්න මහතා මේ දිනවල අලුත් ඇඳුම් මසා ගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රාජිත සේනාරත්න මහතා මීට කලකට පෙර බාල ඖෂධ ගෙන්වා තම මන්ත්‍රීධූරය ද අහෝසි කරන ලද පුද්ගලයෙක් බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමිනි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බාල ඖෂධ ගෙන ඒම සඳහා අත්සන් කර ඇත්තේ යයි ඔප්පු කළහොත් විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය විසින්ම ගෙනැවිත් සහාය දීමට සූදානම් බවත් හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments