මාධ්‍ය සේවිකාවකට කඩු ප‍්‍රහාරයක්…

 

යාපනය නීර්වේලි ප්‍රදේශයේදී රාත්‍රියේ නිවසකට ඇතුලු වූ තියුණු ආයුධ ගත් නාදුනන පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් තරුණියක් සහ ඇයගේ මවක් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතයි යාපනය පොලීසිය පවසයි.

පහර කෑමට ලක් වූ තරුණිය යාපනයේ ක්‍රියාත්මක වන පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරන අතර තරුණිය අදාල මාධ්‍ය ආයතනයේ සේවය කොට නැවත නිවසට යාමෙන් පසුව යතුරුපැදි වලින් පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකොට ඇතැයි වාර්ථා වෙයි.

තරුණිය සිටි නිවසට තියණු ආයුධ ගත් පිරිසක් විසින් පැමිණ තරුණියට තියුණු ආයුධ වලින් පහරදෙන අවස්ථාවේදී ඇය බේරා ගැනීමට ඇයගේ මව උත්සහ ගැනීමේදී මවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇත.

අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර තරුණිය සමග පෞද්ගලික පලිගැනීමකට මෙම පහරදීම සිදුකොට ඇතැයිද යාපනය පොලීසිය සැකපල කර සිටියි.

පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ නීර්වේලි ප්‍රදේශයේ පදිංදි 24 හැවිරිදි ගනේශරත්නම් වෙනුජා සහ ඇයගේ මව වන අතර පහරදීම සිදුකරන ලද පුද්ගලයින් සොයා පුලුල් පරික්ෂණයක් යාපනය පොලීසය විසින් අරඹා ඇත.

Post a Comment

0 Comments