ලන්සා හා අනුරයාපා කාසියේ දෙපැත්ත....

 




රනිල් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෙන ඒම සඳහා  පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බිළිබා ගැනීමට අටවාගත් සංධානයේ නිමල් ලාංසා හා අනුර යාපා එකම කාසියේ දෙපැත්ත බව පොහොට්ටුවන් ඉවත්වී දැනට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරයකු පැවසුවේය.ඔහු පැවසුවේ මොවුන් දෙදෙනාම තම පුද්ගලික වාසිය වෙනුවෙන් දේශපාලන ප්‍රතිපත්ති පාවාදෙන දෙදෙනෙකු බව මෑත ඉතිහාසයෙන්ම උදාහරණ ඕනවටත් වඩා තිබෙන බවත්ය.

    ඔහු පැවසුවේ ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ STF එක යවා ලංසාගේ නිවසේ කුඩු තිබෙනවාද කියා සෝදිසි කළ අවස්ථාවේ ඔහුව බේරාගත් බැසිල්ට සෙට් වී සිටි ඔහු 2015 ⁣⁣⁣මෛත්‍රී දිනුවාට පසු ඔහුට එකතුවී රාජ්‍ය ඇමතිකමක් ලබාගත් බවයි.නැවත පොහොට්ටුව 2018  ප්‍රබල වන විට නැවත බැසිල්ට සෙට් වෙලා දැන් නැවත රනිල්ට කඩේ යන්න පටන්ගෙන සිටින බවයි.

    අනුර යාපාගේ ඉතිහාසයද එසේම බව පැවසූ ඔහු ,1994 සිට 2005 දක්වා චන්ද්‍රිකාට සෙට්වී සිටි ඔහු මහින්දගේ නැඟීමත්  සමඟ ඔහුට සෙට් වී චන්ද්‍රිකාව අත හැරිය බවද,2015 ජනාධිපති මැතිවරණයේදී මෛත්‍රීපාලව  පලුඇරිය ඔහු    මෛත්‍රී දිනපුගමන් මහින්දව පාවාදී ඔහුව අතහැර මෛත්‍රී ශ්‍රීලනිප නායකයා ලෙස පත්කර ගෙන යහපාලනයේ ඇමතිකමක් ගත් බවද, 2015 පැවති මහමැතිවරණයේදී පොහොට්ටුව දිනන බව දැක මෛත්‍රීට විරුද්ධව යටින් නැවත මහින්ද සමග ඩීල් දැමූ නිසා ශ්‍රීලනිප ලේකම් කමෙන් මෛත්‍රී විසින් එළවා දැමූ බවද,2015 පැවති මහ මැතිවරණ⁣යෙන් රනිල් දිනූ පසු එයට සෙට්වී නැවත ඇමතිකමක් ගත් බවද,2018 රනිල්ට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගයේදී රනිල්ට විරැද්ධව චන්දය දුන් බවද,නැවත පොහොට්ටුවෙන් පත්වී,දැන් රනිල්ට කඩේ යන බවද පැවසීය.

මෙවැන්නන් දේශපාලයේ තියා ගන්නේද?නැද්ද යන්න 

ඊළඟ මැතිවරනයේදී ජනතාව තීන්දු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය...

Post a Comment

0 Comments