රටවල් හදපු හැම නායකයම වයසයි!



 මේ ලෝකෙ රටවල්  හදපු හැම නායකයම වයසයි.ඒ වගෙම විප්ලව කරපු හැම නායකයමත් වයසයි.චේ විතරයි තරුණ .ඒ නිසයි එයා ඉක්මනටම මැරුනෙ.

මේ බව රාජිත සේනාරත්න අද මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ ය.

           ඔහු වැඩිදුරටත් පැවසුවේ රටකට අවශ්‍ය ජනතාවට ආදරයකරන,අවංක,දේශපාලනයේ දීර්ග පලපුරුද්දක් තියෙන,බුද්ධිමත් නායකයෙකු බවත්,එවැනි අය මේ 225 තුලත් සිටින බවත්,ජනාධිපති රනිල්ට මොලයක් තිබුනත් හදවතක් නොමැති බවත් සඳහන් කළේය.

ඝෝඨාභයට වුනේ වියත්මග ගැන අධිතක්සේරුවක් බවත්,වියත් මගේ කට්ටියට දැනුම තිබුනට බුද්ධිය නොමැති බවත්,රටට අවශ්‍ය බුද්ධිමත් නායකයෙකු බවත් ඔහු පැවසීය.

      මේ රජයත් සමඟ එකතුවීමට තමාට ⁣කිසිම හේතුවක් නැති බවත්,කල්ලි දෙකක් දෙපසට වී කා ගන්නවා විනා වැඩපිළිවෙළක් උඩ රට මෙහෙයවන බවක් පේන්න නැති බවත්,ආර්ථිකය ගැන විතරක් නෙමේ අනෙක් ප්‍රශ්න ගැනත් සිතා බැලිය යුතු බවත් සඳහන් කළේය.

Post a Comment

0 Comments