රනිල්ගේ සහ සජිත්ගේ ආර්ථික ඉදිරි දැක්ම !!



 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට සජිත් ප්‍රේමදාස මහතා විසින් රටට ඉදිරිපත් කර ඇති ""ආර්ථික ඉදිරි දැක්ම"ප්‍රකාශනයේ සඳහන් කරුණු රනිල් මහතා මේ මොහොතේ රටතුළ අනුගමනය කරන IMF මූලෝපායම බව එය අධ්‍යනය කිරීමේදී පෙනීයන බව ආර්ථික විශේෂඟ්‍රයෝ පවසති.

       කරුණු 10ක් සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති එම ආර්ථික ඉදිරි දැක්මේ  රට මේ මොහොතේ මුහුණදෙන අර්බූදයට හේතුව 1977 සිට අනුගමනය කළ නව ලිබරල් ප්‍රතිපත්තිය බව නොපවසා එය වුවමනාවෙන්ම  වසන්කර අර්බූදයට හේතුව ආර්ථිකයේ දුර්වල කළමනාකරණය බවත්,මේ අර්බුදයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)සමග ඵලදායී ලෙස සම්බන්ධවිය යුතු බවත් සඳහන් කිරීමෙන් පෙනීයන්නේ රනිල්ගේ ප්‍රතිපත්තියේ හා සජිත්ගේ ප්‍රතිපත්තිය අතර කිසිදු වෙනසක් නොමැති බවයි.

    ඒ අනුව සජිත් කරන්නේත් IMF වැඩපිළිවෙල රනිල්ට වඩා හොඳට කරමින් රාජ්‍ය දේපළ සහ ජාතික සම්පත් දේශීය,විදේශීය කොම්පැනිකරුවන්ට කුණු කොල්ලයට විකිණීමද,පොදු ජනතාවට බදුබර පටවා සුපිරි පැලැන්තියට බදු සහන දීමද,අධ්‍යාපනය,සෞඛ්‍ය විකිණීමද,සුබසාධන රාජ්‍ය රටාව වෙළඳපලට පවරා රජය අත හෝදා ගැනීමද යන්න රටට නිශ්චිතවම කිව යුතු බව ආර්ථික වි්ශ්ලේෂකයෝ පවසති.

සජිත් ගේ ආර්ථික ඉදිරි දැක්මේ සඳහන් කරුණු 10 න් යෝජනා කරන්නේ නම්  දැනට රනිල් අනුගමනය කරන වැඩ පිළිවෙලම බව පැහැදිලි වන අතර මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් සිටිය යුතු බව එම ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

Post a Comment

0 Comments