කුමාර් ගුණරත්නම් අනුර කුමාරව පතුරු ගසයි !

  


 රනිල් අවුරුද්දකින් දෙනවා යයි පවසන ජනාධිපතිවරණය⁣ට ඉදිරිපත් වීමට සරම කැහැපට ගසන අය කරන්නේ අවුරුද්දක් ඇතුලත රනිල් මේ රටට සිදු කරන්න යන විනාශයට වක්‍ර ලෙස සහායදීම බවත්,කළ යුතු වන්නේ මැතිවරණයක් එනතුරු බලා නොසිට රනිල්ගේ මේ විනාශකාරී ගමන වැලැක්වීමට වහාම ඒකාබද්ධ සටනක් කිරීම බවත්, එසේ නොවුණහොත් රනිල් මේ රට විනාශකරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම් ජන හමුවකදී පැවසීය.

         රනිල් අවුරුද්දක් ඉල්ලන්නේ ඒ කාලය තුල IMF කොන්දේසි ක්‍රියාවට නැගීමට බවත්,ඒ අනුව ලාභ ලබන ජාතික සම්පත් ටිකත්,අධ්‍යාපනයත්,සෞඛ්‍ය ත් විකුනා අවසන් කරන බවත්,ත්‍රස්ත මර්ධන පනත , නව කම්කරු පනත ඇතුලු නීති සම්මත කර ගැනීමටත්,ඉඩම් නීති වෙනස් කර බහුජාතික සමාගම් වලට ඒවා පැවරීමටත් බව ඔහු සඳහන් කළේය.

   ඒ නිසා ජවිපෙට කියන්නේ රනිල් ට උවමනා ලෙස,රනිල්ගේ න්‍යාය පත්‍රය අනුව ආණ්ඩු විරෝධී  සටන අතගාන්නේ නැතිව,පිලුණු නොකර,දාලයන්නෙ නැතිව අඛණ්ඩ අරගලයකට පැමිණෙන ලෙසයි යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments