මේ වන විට රටේ පාරිභෝගිකයන් දැඩි ලෙස සූරාකෑමට ලක්වෙන ස්ථාන කීපයක්ම පවතින බවත්,ඉන් එක් ස්ථානයක් වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ස්ථානය බවත්, එහි තිබෙන කඩවල ප්ලේන්ටියක් රුපි.100 ක් බවත්,තේ කොළ මෙලෝ රසක් නැති පජාත ඒවා බවත්,රෝල්ස් එකක් රුපි.200/250ක් වන බවත්,මුන් හිතාගෙන ඉන්නේ අපි සුද්දො කියල බවත් ,මේ අතර හුඟක් කෑම පිලුනු වී ඇති බවත් අද මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පැවසීය.
පුදුම හිතෙන කාරනයනම් මුත්‍රා කිරීම සඳහා රුපි.50/=,60/=ක් අයකරන බවත්,එවැනි මුදලක් අය කරන්නේ මුත්‍රා ලබාගෙන දියවැඩියාව පරීක්ෂා කිරීමටදැයි තමා නොදන්නා බවත් පැවසීය.
මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිියේ,මා සං අ හෝ රජයේ අවධානය යොමු වී නැති බවත්, මේවා නියාමනය කළ යුතු බවත්,කඩවලට යන අහිංසක මිනිස්සු ෂෝකේස් දිහා බලා සිට ආපසු පැමිණෙන බවත් ඔවුන් vvip නොවන බව කඩ හිමියන් දැන ගත යුතු බවත්,බදු කුලී වැඩිනම් රජය මැදිහත් වී ඒවා විසඳිය යුතු බවත්,එසේ නොවන්නේනම් කෑම වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය..


0 Comments