තවත් කැබිනට් අමාත්‍ය ධුර වැඩි නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගින් දිගටම ඉල්ලීම් කළද කැබිනට් අමාත්‍යධුර ඉහළ නොදැමීමට ජනාධිපතිවරයා තම ස්ථාවරයේ සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ බලය පෙරලීම සඳහා සැලසුම් කර ඇති බවට අනතුරු අඟවා තිබියදීත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වැඩි නොකිරීමට තීරණය කර ඇත්තේ රජය ඉන් මහජන දෝෂ දර්ශනයට ලක්වනු ඇතැයි කල්පනා කරමින් බවද වාර්තාව කියා සිටී.
ජනතාව අපේක්ෂා කරමින් ඇත්තේ රජය තවදුරටත් වියදම් කප්පාදු කිරීම වුවද බවත් එවන් තත්ත්වයක් තුළ කැබිනට් මණ්ඩලය තවත් විශාල කළහොත් ජනතාව නොසතුටට පත්වනු ඇති බවද ජනාධිපතිවරයා ගේ අදහස වී ඇත.
දැනට කැබිනට් අමාත්‍යවරුන් විසිදෙකක් පත් කර ඇතත් කැබිනට් අමාත්‍යවරුන් තිහක් පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලැබී ඇත.


0 Comments