ලොරියක් ප‍්‍රපාතයකට පෙරලේ…

 

අනුරාධපුරයේ සිට නොටන්බ්‍රිජ් ලොනැක් වතු යායේ සත්ව ගොවිපලකට බඩ ඉරිගු ගස් ප්‍රවාහනය ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

15 දින මෙම අනතුර සිදි වි ඇත්තේ ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ලොනැක් වත්තේ සත්ව ගොවිපලට පිවිසෙන අතුරු මාර්ගයේදිය.

ප්‍රධාන මාර්ගයේ ධාවනය වු ලොරි රථය සත්ව ගොවිපලට පිවිසෙන අතුරු කදු සහිත මාර්ගයේ ධාවනය කරන අවස්ථාවේ ලොරි රථය එක් වරම රියදුරුගේ පාලනයෙන් මිදි ආපසු පසු පසට ඇදි ගොස්  ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නොර්ටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා පමණක් සිට ඇති බවත්,අනතුරෙන් රියදුරාට කිසිදු අනතුරක් සිදු වි නොමැති වුවත් අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි නොර්ටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

Post a Comment

0 Comments