අපේ‍්‍රල් සිටම කහ උණ එන්නත් රටේ නෑ.. ගෙන්වන්න සැපයුම්කරුවන්ද නෑ…

 

පසුගිය අප්‍රේල් මාසයේ සිටම රට තුළ කහ උණ රෝගයට ලබා ගත යුතු එන්නත නොතිබූ බව සෞඛ්‍ය අමතක කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එම එන්නත ගෙන්වීමට ද කිසිදු සැපයුම්කරුවකු ඉදිරිපත් නොවූ බවද හෙතෙම පැවසීය.

එම හේතුව මත සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී යුනිසෙෆ් ආයතනයෙන් කළ ඉල්ලීමක් මත එන්නත් 2,000ක් ලබාගැනීමට කටයුතු කළ බවත් ඇමතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

Post a Comment

0 Comments