මේ රට කඩා වැට්ටවීම,රටේ ආර්ථිකය කඩා වැට්ටවීම,පිටුපස කුමන්ත්‍රණකාරී සිදුවීම් පෙළක එකතුවක් තිබූ බවත්,ශ්‍රී.ල.පො.පෙරමුණ නැවත නැගිටීමත් සමග ඇතැම් පක්ෂ මෙන්ම ජාත්‍යන්තරයද බියට පත්ව තිබෙන බව පසුගිය 11 වෙනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් පැවසුවේය.
බළලා මල්ලෙන් එළියට පැනීම...
තව දුරටත් අදහස් දැක්වූ සාගර පැවසුවේ රනිල් හා බැසිල් දිගටම සාකච්ඡා කරන බවත්,මේ ආණ්ඩුවේ ශක්තිය පොහොට්ටුව බවත්ය. මෙය බළලා මල්ලෙන් එළියට පැනීමකි.
මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ සාගරලා තවමත් හිතනවානම් මේ රටේ ඉන්නේ බත්කන හරක් කියලා නම් ඔවුන්ට වැරදී ඇති බවයි
විචාරකයන් පවසන්නේ සිද්ධීන් පෙළගැසුණු ආකාරයත්,දැන් රනිල්ලාගේ හා බැසිල් ඇතුලු පොහොට්ටුවේ මන්ත්‍රීලාගේ පාර්ලිමේන්තු හැසිරීමත්,හටගෙන ඇති දේශපාලන ප්‍රතිපලත් බැලූවිට,ඝෝඨා රජය පෙරලන කුමන්ත්‍රණකාරී සැලසුමේ සැකිල්ල දැකියහැකි බවයි.එහි දේශීය මෙහෙයුම්කරු බැසිල් බව දැන් රටටම පෙනෙන්න පටන් ගෙන තිබේ.
මැද මාවතේ,වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග 1956 සිට මේ රටේ තහවුරුවීම ගැන අධිරාජ්‍යවාදී කඳවුර සහ මේ රටේ ඉහළ පංතිය හැමදාම සිටියේ කනස්සල්ලෙන්ය.මෙයට හේතුව පෙරමූණු ආණ්ඩු අධිරාජ්‍යවාදයට ගැති නොවන ආර්ථික ප්‍රතිපත්තියක් හා පුද්ගලිකකරණයට එකඟ නොවන ,ජාත්‍යන්තර වශයෙන් අධිරාජ්‍යවාදයට ගැති නොවූ රාජ්‍යයන් සමඟ පැවති කිට්ටු මිතුරු සබඳතාවයයි. එම නිසාම ඒ ආණ්ඩු පෙරලා දැමීමේ කුමන්ත්‍රණය දිගටම තිබුණු බව වාමාංශික නායකයකු පැවසීය.ඒ අනුව බණ්ඩාරනායක මහතා මැරීමත්,සිරිමා මැතිණියගේ ආණ්ඩුව 1976 වාමාංශිකයන් එලියට දමා ෆිලික්ස් යොදා පරාජය කිරීමත්,චන්ද්‍රිකා දකුණට යාමත්,2015 සිරිසේන යොදා මහින්ද පරාජය කිරීමත් එම කුමන්ත්‍රණයේ දිගුවන්ය.
නමුත් එම කුමන්ත්‍රණයන් මගින් වමේ බලවේග මුහුණදුන්නේ තාවකාලික පරාජයන් වලට වුවත්,ඝෝඨා රජය එළවීමේ කුමන්ත්‍රණය ඊට වෙනස් බවත් ආණ්ඩුව ඇතුලතින්ම ඒ සඳහා නව ක්‍රමෝපායක් සකස් කළ ඛවත්, ඒ සඳහා භූමිකාවට බැසිල් පන පෙවූ බවත්, ආණ්ඩුවේ වාමාංශික පක්ෂ ද්වත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ගෙන ඒමට ගෙනා 20 සංශෝධනය නොගෙනෙන ලෙස කරන ලද බලපෑම නොතකා බැසිල් මුදල් ඇමති කල බවත්, ඉන් පසුව සෞභාග්‍යයේ දැක්ම විසිකර රටේ සම්පත් විකිණීමට පටන් ගත් බවත්,එයට විරුද්ධවූ,වාසු,විමල්,ගම්මන්පිලව ආණ්ඩුවෙන් එළවාදමා, රට බංකොළොත් කර එයට එරෙහිව නැගී ආ අරගලයට ඇමරිකාව ලවා අසීමිතව මුදල් පොම්පකර ඒ ආණ්ඩුව විනාශ කිරීමට කටයුතු කළ බවත්, ඒ අනුව අද මැද මාවත නැවත හිස එසවිය නොහැකි ලෙස කුඩු පට්ටම් කළ බවත්,නැවත මැද මාවතට හිස එසවිය නොහැකි ලෙස ඇතුලතින්ම කුමන්ත්‍රණය දියත් කළේ
බැසිල් බව නොකියා නැවත ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බව සාගර දැන ගත යුතු බවත් එම වාමාංශික නායකයා පැවසීය.නැත්නම් දීර්ග කාලයක් මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ උදහසට ලක්වූ
රනිල් සමඟ සාකච්ඡා කරන්නේ කුමන්ත්‍රණයේ දෙවන අදියරද?

0 Comments